අත්දැකීමක්
				
				 
				 
				 
					
						
							| 
							 
							  
							අජාන් බ්‍රහ්මවම්සෝ හිමි  | 
						 
					 
				 
				
මම තවමත් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරනවා. කොන්ක්‍රීට් අනමින්, ගඩොල් බඳිමින්, 
ගොඩනැඟිලි තනමින්, බරවැඩ කරනවා. සති කිහිපයකට පෙර ආරාමයේ කොන්ක්‍රීට් වැඩ කරමින් 
දහදිය වගුරමින් සිටි තැනට බොහෝම ලස්සනට හැඳ පැළඳ සිටි කාන්තාවක් ආවා. ඇය ශ්‍රී 
ලංකාවෙන් පැමිණි දායිකාවක්. ඇය මා පුද්ගලිකව දැන හැඳින සිටියේ නැහැ. මේ වෙලාවේ මම 
බොහෝ ම අපිරිසුදුවට හිටියා. මේ කාන්තාව මා බැහැදැක “නායක හාමුදුරුවන් කොහිදැයි” 
මගෙන් ඇසුවා, ‘නායක හාමුදුරුවන් ඉක්මනින් දාන ශාලාවට ඒවි’ මම උත්තර දුන්නාම ඇය දාන 
ශාලාවට ගියා. ඉන්පසුව මම ඉක්මනට මගේ කුටියට ගොස් නා, පිරිසුදුව අලුත් සිවුරක් හැඳ 
දාන ශාලාවට ආවා.  
ඇය මා සමඟ බුදු දහම, භාවනාව ආදි නොයෙකුත් දේ ගැන කතා කළා. ඇය බොහෝ ම සතුටු වී සිටි 
විත්තිය පෙනුණා.  
 “මේ වන සෙනසුන ඉතා සුන්දරයි. ඔබ වහන්සේගේ කතාව ද මගේ සිත් ගත්තා. ඒත් කනගාටුවට 
කාරණාවක් ද තිබෙනවා. මේ ආරාමයේ සමහර හාමුදුරුවන් බොහෝ ම දුප්පත් විදිහට හැඳ පැළඳ 
සිටින, ඉතා අපිරිසුදුවට ඉන්න පිරිසක්. මා මෙහි ආ විට එවැනි භික්ෂුවක් මට මුණ 
ගැසුණා” යැයි ඇය කිව්වා.  
“ බොහොම හොඳයි. මම ඒ භික්ෂුවට මේ කාරණය ගැන අවවාද දෙන්නම්” යැයි මම ඇයට කිව්වා.”ඒ 
මොකද කිව්වොත් ඒ අපිරිසුදු හාමුදුරුවෝ වෙන කවුරුවත් නොවෙයි. මා නිසයි.” 
				 
මෙය ඉතා යහපත් දෙයක්. ඒ මොකද කිව්වොත්, අපේ අල්පේච්ඡභාවය, චාම්කම නිසා මේ නායකයා ම 
ද, මේ ගෝලයා ද කියා හඳුනාගන්න බැරි සමානකමක් අප අතර තිබෙනවා. මුදල් භාවිතයක් 
නැතිවිට, යස ඉසුරු අත්පත් කර නොගත්විට සියලු භික්ෂූන් එක සමානයි. ඇඳුමෙන්, යස 
ඉසුරෙන්, උස් පහත්කමින් පේන්නෙත් නැහැ.  
මුදල් අතේ ගැවසෙන විට සමාජය තුළ ධනවත් එසේත් නැතිනම් ප්‍රභූ පන්තියක් ඇතිවෙනවා. 
විසල් නිවාස,සුඛෝපභෝගී යාන වාහන පරිහරණය කරනවා. ප්‍රභූවරුන් හා දිළින්දන් ඇතිවෙනවා. 
මෙසේ දෙකොටසක් ඇති වීමෙන් භේදයක්,වෙන් කිරීමක් සිදු වෙනවා. මෙය සමාජයේ එකමුතුකමට, 
යහපැවැත්මට බාධාවක්, භික්ෂූන් වහන්සේ අතේ මුදල් නොමැතිවීම නිසා උන්වහන්සේ අතර උස් 
පහත් භේදයක් ඇති වන්නේ නෑ. කවුරුත් එක සමානයි.  
				 
පරිවර්තනය 
සමරසිංහ ගුණසේකර  |