[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රතන සූත්‍ර නිදානයේ නිදානය

රතන සූත්‍ර නිදානයේ නිදානය

තවද පස් ගෝරසින් (කිරිගවයන් සතු හෙයින්) රජු සතුටු කරවා ඉඩමක් ලබා ගෙන නගරයක් සකසා ඔටුනු පළඳවා රජ කරවමි'යි ද තාපසයා කීහ. ඔවුහු යහපතැයි කියා දරුවන් ගෙන ගොස් ඇති දැඩි කළහ. එසේ ඇති දැඩිවන දරුවෝ අනෙක් ගොපළු දරුවන් සමඟ කෙළිසෙල්ලම් කරන්නේ මතභේදාත්මක කරුණු ඇති වූ විට මොවුන් අතින් පයින් පහර දෙති. ගොපළු දරුවෝ හඬති. මවුපියෝ ඔබලා ඇයි හඬන්නේ යැයි ඇසූවිට

“මව්පියන් නැති තාපසයන් හදාවඩා ගත් මොවුන් අපට තදින් පහර දෙති”යි කියති. මෙවිට ගොපළු මව්පියෝ මේ දරුවෝ අපේ දරුවන් පීඩාවට පත් කරති. මොවුන්ට උදව් නොකළ යුතු ය. මොවුන් දුරු කළ යුතු ය. ඈත් කළ යුතු යැයි සිතා එසේ කළහ.

ඒ අනුව රජු සතුටු කොට යොදුන් 300 ක පෙදෙසක් මිලට ගෙන එහි නගරයක් සකසා සොළොස් වයසැති කුමරා අබිසෙස් කොට රජ බවට ද පත් කළේ ය. පිටතින් දැරියක් කැඳවා නො ආ යුතු ය. මේ දැරිය වෙනත් කෙනකුට ද නොදිය යුතු යැයි ඇය හා කතිකා කොට (තාපසයා කී පරිදිද) රජුට විවාහ කර දී දෙදෙනාගේ පළමු එක්වීමෙන් ම පුතෙකු ද දුවක් ද ලදහ. මෙසේ 16 වරක් දෙදෙනා බැගින් උපත ලබන්නේ ඉඩකඩ මද වූ බැවින් (වජ්ජීන් විසූගම නෙරපන ලද බැහැර කරන ලද අය විසූගම වජ්ජී රට වුණි) තෙවරක්ම ගව්වක් ගව්වක් අතර පවුරුවලින් වට කරමින් විශාලත්වය (වෙසාලි) වැඩි කළහ. පලතුරු වතු උයන්, වාසය සඳහා නිවෙස් ආදිය ගොඩනඟමින් පිරිවර ජනයාට පහසුකම් භූමිය ( නුවර) විසාල කිරීම හේතුවෙන් “විසාලා මහනුවර” ක් බවට පත්වුණි.

මේ විසල් පුර අප භාග්‍යවතුන් වහන්සේ පහළ වූ දවස් වන විට යස ඉසුරින් සපිරි රාජ්‍යයක් වීය.

රජවරු ප්‍රාන්ත වශයෙන් 7707 කි. යුව රජ වරු ද එපමණම වූහ. භාණ්ඩාගාරික තනතුරු දරන්නෝ ද එපමණ ම වූහ. මාළිගා ද 7707 විය. කූටාගාර ද එපමණකි. මල්වතු උයන්වතු එපමණ ය.පොකුණු ද එපමණ ය. (මහාවග්ග පාළි) මෙහි අගනුවර “මිථිලා” නමින් වේ.

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පුර පසළොස්වක පෝදා (15) පත්‍රයේ පළවිය

වෙසක් අව අටවක

මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ.
22 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]