Print this Article


සදහම් අරණ

බුදු හිමි

ලොවට එකලෙසින් පෑ කරුණා ගුණය
කාටත් දෙවැනි යැයි කීමට නම් බැරිය
මහ පඬිවරුන් නිරතුරු බුදුගුණ වැනුව
බුදු හිමි දකින්නයි මාගේ හැම විරිය


පින්බර වෙසක් පොහොය

සිදුහත් බෝසතාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන් පෑම යන කරුණු තුනම පින්බර වෙසක් පුන් පෝ දාක සිදු විය.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝක සත්ත්වයාට පිහිට වූ සේක.

බෝසතාණෝ අප වෙනුවෙන් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළෝ ය.

උන්වහන්සේ සමීපයෙහි සිටි පස්වග මහණුන් අප බෝසතාණෝ අතහැර ගියෝ ය. සුජාතා දේවී උන්වහන්සේට රන් පාත්‍රයකින් කිරිපිඬු පූජා කළා ය. උන්වහන්සේ කිරිපිඬු ගුලි හතළිස් නවයක් සාදා වැළඳූහ. නේරංජනා ගං තෙරට වැඩම කර මේ රන් පාත්‍රය මා බුදු වන්නේ නම් උඩු ගං බලා යෙවා’යි කියා පාත්‍රය ගඟෙන් තැබූහ. උන්වහන්සේගේ අරමුණ සඵල වනු වස් පාත්‍රය උඩුගං බලා ගියේ ය.

දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගෙන සම්, නහර, ඇට, මස්, ලේ, වියළී ගියත් මම බුදු වී මිස නොනැඟිටිමි’යි. වීර්යය කොට සර්වඥාතා ඥානය උපදවාගෙන ලොව්තුරා බුද්ධත්වයට පත් වූයේ මෙවැනි උතුම් ශ්‍රේෂ්ඨ වෙසක් පොහෝ දිනක දී ය. වසර හතළිස් පහක් මුල්ලේ ලෝ සැමට අප්‍රමාණ සේවාවක් සිදු කළ මාගේ කාරුණික බුදුපියාණෝ මහ පොළොව කම්පා කරමින් පිරිනිවන් පෑ සේක.


වෙසක් පොහොය

සියලුම ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් පොහොය වන්නේ වෙසක් පොහොය යි. ඒ සිදුහත් කුමරුන්ගේ උපත, මහ බෝසතුන් බුද්ධත්වයට පත්වීම, බුද්ධ පරිනිර්වාණය යන කරුණු තුන සම්බන්ධවයි.

බෝසතාණන් වහන්සේ දීපංකර බුදු හිමියන්ගේ පාද මූලයේ දී නියත විවරණ ලද්දේ ද වෙසක් පෝ දිනක දී ය. බුදුන් වහන්සේගේ තුන් වැනි ලංකාගමනය සිදුවීමත්, සමනොළ ගිරි සිරස බුදු සිරිපා සටහන් තැබීමත් වෙසක් පෝ දින සම්බන්ධව සිදු වූ තවත් උතුම් සිදුවීම්ය.

දීත්ම සජාර ජයසිංහ
6 ශ්‍රේණිය
සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසල
පොල්පිටිමූකලාන


වෙසක් අසිරිය

බුදු බව පතලයි පාරමිතා පිරුවේ
ඒ පින් බලෙන් ඉපදී බුදු බව ලැබුවේ
බුදු ගුණ ලොව පුරා සැම තැන පැතිරෙන්නේ
අදටත් බුදු ගුණෙන් සැම සිත් සැනසෙන්නේ
තුන් ලෝකෙට ම ආලෝකය වන්නේ
අසරණ අයට සැම විට සරණකි වෙන්නේ
බුදු ගුණ අනන්තයි එය අප සැම දන්නේ
එම ගුණ නිසයි සැම විට සිත් සැනසෙන්නේ


තෙමඟුල සමරමු

ලුම්බිණි නම් සල් උයනේ
මහාමායා මව් කුසයෙන්
අපේ සිදුහත් බෝසතාණෝ
මේ ලොවට බිහිවුණේ

රජ සම්පත් අත හැරලා
සය වසරක් දුක් විඳලා
සිරි මහ බෝධිය මූලේ
සත්‍ය ලොවට උදා කළේ

උපවත්තන සල් උයනේ
දෙව් මිනිසුන් දුක් වෙද්දී
අනිත්‍ය ලොවට වටහා දී
තෙමඟුල සමරමු

ලුම්බිණි නම් සල් උයනේ
මහාමායා මව් කුසයෙන්
අපේ සිදුහත් බෝසතාණෝ
මේ ලොවට බිහිවුණේ

රජ සම්පත් අත හැරලා
සය වසරක් දුක් විඳලා
සිරි මහ බෝධිය මූලේ
සත්‍ය ලොවට උදා කළේ

උපවත්තන සල් උයනේ
දෙව් මිනිසුන් දුක් වෙද්දී
අනිත්‍ය ලොවට වටහා දී
බුදු හිමියන් පිරිනිවුණේ

බුදු හිමියන් පිරිනිවුණේ


බෝසත් උපත

එදා වෙසක් පෝය දවසක්. ලුම්බිණි උයන පුරාම සල් මල් පිපිලා. හරිම ලස්සනයි. සුවඳ හමනවා. ඒ ලස්සන උයනේ දී බෝසත් උපත සිදුවුණා. බෝසත් උපත හරි අසිරිමත්.