Print this Article


මහනුවර මල්වතු මහා විහාරයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

මහනුවර මල්වතු මහා විහාරයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ 2020 - 2021 වර්ෂයන්හි අයදුම්පත් එවා ඇති උපසම්පදා අපේක්ෂක සාමණේර ස්වාමීන් වහන්සේලා උපසම්පදා කිරීම 2022 ජනවාරි 12 දින පටන් පැවැත්වීමට රජයේ වෛද්‍ය උපදෙස් අනුව සුරක්ෂිතව පෞරාණික චාරිත්‍රානුගතව අදාළ කටයුතු සූදානම් කර ඇත.

උපසම්පදා අපේක්ෂක ස්වාමීන් වහන්සේගේ ගුරු හිමියන් හෝ ගුරුහිමිවරු හා මව හා පියා පමණක්, එන්නත් ලබා ගත් කඩ්පත සහිතව පැමිණිය යුතු ය.

මල්වතු මහා විහාරයෙන් ලබා ගත් නියමිත දිනට පෙර දින. පස්වරු 3.00 ට පැමිණෙන ලෙසත් , සියලු පහසුකම් සලස්වා ඇති බවත් මල්වතු පාර්ශ්වයේ අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමියන් ප්‍රධාන ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාවේ අනුමැතිය අනුව ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ නිවේදනය කරති.

ලේකම් කාර්යාලය, මහනුවර මල්වතු මහා විහාරය - මහනුවර, ලිපිනයෙන් හෝ 081 2203900/ 071 8086040 දුරකතන අංකයන්ගෙන් වැඩි විස්තර විමසිය හැකි ය.