ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ දුරුතු පුර අටවක පෝදා 2022 ජනවාරි 09 ඉරිදා |
|||||
මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරය ඓතිහාසික වටිනාකම් සුරකිමින් ප්‍රතිනිර්මාණය කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ස්වකීය අත්සන පිහිටුවා දෙස් විදෙස්හි පැතිරුණු ඥානකීර්ති ඇති අතිසම්භාවිත විද්වත් මහ තෙරවරුන්ගෙන් සුසැදි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභායත්ත ගරුතර මහා සංඝරත්නයේ උපසම්පදා දී විනය කර්ම මැනවින් පවත්වනු පිණිස ගරුලඝුභාණ්ඩ සහිතව චතුර්දිශාවාසී මහා සංඝරත්නය උදෙසා සන්නස් පත්‍රයකින් 2021 මැයි මස 14 වැනි දින පූජා කොට විවෘත කරන ලදී. මෙම උතුම් පුණ්‍ය කටයුත්තට පෞද්ගලිකව උනන්දු වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීම හා ස්තුති කිරීම උදෙසා පසු ගිය දා (02) කෝට්ටේ රාජමහා විහාරයේ දී සංවිධාන කෙරුණු විශේෂ පුණ්‍ය මහෝත්සවයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව විසින් ජනපතිඳුන්ට “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය ද පිරිනමන ලදී. |
|||||