Print this Article


අගමැති ජන්ම දිනය වෙනුවෙන් ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය සංවිධානය කළ ආශිර්වාද බෝධි පූජා පින්කමෙන්

අගමැති ජන්ම දිනය වෙනුවෙන් ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමය සංවිධානය කළ

ආශිර්වාද බෝධි පූජා පින්කමෙන්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුම‍ාගේ ජන්ම දිනය වෙනුවෙන් එතුමාට ආශිර්වාද කිරීම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනපති පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් ආශිර්වාද කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශිලී සේවක සංගමයේ ලේක්හවුස් ශාඛාව විසින් කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී බෝධිපූජාමය පින්කමක් පසුගිය දා සංවිධානය කර තිබුණි. එහිදී කොටුව සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ. ලේක්හවුස් ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩාර, ලේකම් තිස්ස ධම්මික ඇතුළු නිලධාරීන්, එම සංගමයේ සාමාජිකයන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවෝ පිරිසක් සෞඛ්‍යාරක්ෂිත ව මෙම පින්කමට සහභාගි වූහ.