Print this Article


බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ ගුණ සැමරේ

බුදුසරණ හිටපු කර්තෘ ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ ගුණ සැමරේ

බුදුසරණ පුවත්පතේ හිටපු කර්තෘ හා ලේක්හවුස් බෞද්ධ සංගමයේ ආරම්භක ලේකම් ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ හතර වන ගුණානුස්මරණය මේ මස 10 වැනිදාට යෙදී තිබුණි.

ඒ වෙනුවෙන් කහතුඩුව ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ දී අද (18) පුර පසළොස්වක දින සමරු පින්කම් මාලාවක් පැවැත්වේ.

එදින පෙරවරු 8.00 ට පොල්ගස්ඕවිට ශ්‍රී සුධර්මාරාමාධි වාසි ආචාර්ය පිටවල උපාලි හිමියන් පවත්වන සුමධුර ධර්ම දේශනයකි. එදිනම සවස 6.30 සත්බුදු පූජාවකි.

ශ්‍රි නන්දනාරාමාධිපති පෙතිගමුවේ සුමණතිස්ස හිමිගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව හා අබේසිංහ මහතාගේ ඥාතිහූ මෙම පින්කම සංවිධානය කරති.

වසර දහ අටක් බුදුසරණ පුවත්පතේ කර්තෘධුරය හෙබ වූ අබේසිංහ මහතා එම වසර දහ අට තුළ දී ම ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ සංවිධායකවරයකු ලෙස ද කටයුතු කළේ ය.