Print this Article


පූලියද්දේ සුධම්ම හිමියන් වෙනුවෙන් අනුරාධපුරයේ දී පින්කම්

පූලියද්දේ සුධම්ම හිමියන් වෙනුවෙන් අනුරාධපුරයේ දී පින්කම්

කොරෝනා වෛරසය ආසාදිත ව අපවත්වී වදාළ හන්තාන සිරිධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති පුලියද්දේ සුධම්ම හිමියන් වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී සහ අනුරාධපුර උණගස්වැව, වේලුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී දින දෙකක් පින්කම් පවත්වන ලදී.

මෙම පින්කම්වලට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ සර්වරාත්‍රික විදුලි ආලෝක පූජාවක් ද, අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී සවස ගිලන්පස බුද්ධ පූජාවක් සහ පසුදින උදෑසන කිරි ආහාර සහ පිරිකර සහිත බුද්ධ පූජාවක් ද ඇතුළත් විය.

අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක සහ විශ්‍රාමික අධ්‍යාපනඥ රෝහිත විජයතිලක මහතා විසින් සංවිධානය කරන ලද මෙම පින්කම් සඳහා දායකත්වය ලබාදෙන ලද්දේ හෝමාගම දිල්හානි හෙට්ටිගේ මහත්මිය විසිනි.