Print this Article


මුනි බණ පද අදත් ඇසේ මිග දා අරණේ

මුනි බණ පද අදත් ඇසේ මිග දා අරණේ

බුදු සිරිතේ අසිරිය පෑ
ඇසළ පෝ දිනේ
මහ මායා බිසවුන් පෙහෙවස්
දම් සුරකිනවා
සුදුවන් සුදු ඇත් පැටවකු
කුසට පිවිසෙනා
අඳුරු ලොවට රන් වන් රන්
එළිය ගෙනෙනවා
ඇසළ මල් සුවඳ පැතිරුණ
ඇසළ පෝ දිනේ
උපන්න රාහුල පොඩි පුතු
අතැර දැඩි සිතිනේ
අබිනික්මන් කළේ සිදුහත්
කන්ථක පිටිනේ
වනගත වී අනන්ත දුක්
ගැහැට විඳිමිනේ
පස්වග මහණුන්
දම්සක් සුතුර අසනවා
සුවහස් දෙව් පිරිස්
අහසෙ කරති වන්දනා
දම්සක් පැවතුම් බණ පද
සුතුර දේසනා
අදත් ඇසේ ඉසිපතනේ
මිගදා අරණේ