[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවා ගුහාව

බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ දිවා විහරණය පිණිස වැඩම කළ දිවා ගුහාව

තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් නවවන වසරේ දී ශී‍්‍ර ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ සමන් ගිර ඇසුරු කරමින් වාසය කළ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේ සමඟ ඍද්ධි බලයෙන් සමන්තකූඨ පර්වත මුදුනට වැඩම කොට චක්‍රාදී මංගල ලක්ෂණයන්ගෙන් යුත් ශ්‍රී පාද පත්මය අදිටන් බලයෙන් පිහිට වූ බව සඳහන් වේ. ශ්‍රී පාද පත්මය පිහිටුවීමෙන් අනතුරුව දිවා විහරණය සඳහා ශී‍්‍ර පාද කඳු ශිඛරයේ පාමුල වූ සුවිශාල ගල් ලෙනකට පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ වැඩිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. ශී‍්‍ර ලංකාද්වීපයේ ගල්ලෙන් පූජාව සිදුකොට ඇති බවට ශිලා ලිපිවල සඳහන් ව ඇත. ඒ අනුව පළමු ගල්ලෙන් පූජාව සිදුකොට ඇත්තේ මහා සුමන සමන් දෙවියන් විය හැකි බව ද සඳහන් ය. ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීමෙන් අනතුරුව දිවා විහරණය සඳහා, (මඳක් විවේකී සුවෙන් වැඩ විසීම සඳහා) තමා සතු පාරම්පරික ගල්ගුහාව බුදුරජාණන් වහන්සේ ඇතුලු මහ රහතන් වහන්සේට පූජා කරමින් ශ්‍රී ලංකාද්වීපයේ පළමු ගල්ලෙන් හා ගල්ගුහා පූජාව ආරම්භ කළ බව ද ඉතිහාසය කරුණු හෙළි කරයි. ගුහාවක් නිරන්තරයෙන් ම අඳුරක් පවතින ස්ථානයක් බව සිතිය හැකි ය. එසේ වූව ද ඉර පායා බැස යන තුරුම දිවා කාලය පුරා ම ඉතාම හොඳීන් හිරු රැස් පතිතවන ලෙනක් හෙයින් දිවාගුහාව යනුවෙන් නම පටබැඳුන බව ද සිතිය හැකි ය.


   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]