[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඡත්තපාණි උපාසකතුමා බුදුරදුන් හමුවීම

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

ඓතිහාසික මිහින්තලා මහ සෑයේ සුදුහුණු පිරියම් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

ඓතිහාසික මිහින්තලා මහ සෑයේ සුදු හුණු පිරියම් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය (29) දා පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිදු කළහ. අනුබුදු මිහිඳු මාහිමියන් සිහිකරමින් පවත්වන ලේක්හවුස් –මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව වාර්ෂිකව මෙම මහා පින්කම සිදුකරයි. රට තුළ පැවති ව්‍යසනකාරි තත්ත්වයන් හේතුවෙන් සුදු හුණු පිරියම් කිරීමේ පුණ්‍ය කර්මය සිදු කිරීමට නොහැකි වූ අතර මෙවර වර්ෂ තුනකින් පසුව සිදු කිරීම ද විශේෂත්වයකි. මෙවර මෙම පින්කමෙහි මූල්‍ය දායකත්වය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිදු කෙරිණ. “ඉදිරියේදී ද මෙම මහා පින්කම සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙන බවත් මෙවර මෙම මහා පින්කමේ ආශිර්වාදයෙන් අප රටත් ලෝකවාසී සියලු ජනතාව පවතින කොරෝනා වෛරසයෙන් මිදී නිදුක් නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකිවේවායි යන්න එකම ප්‍රාර්ථනාව බවත් ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර සිටියේය. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමි, ගැටමාන්නේ ගුණානන්ද නාහිමි යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඓතිහාසික මිහින්තලා මහා සෑයේ සුදු හුණු පිරියම් කිරීමේ පින්කම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කළහ. මෙම කටයුතු ආරක්ෂක අංශ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරේ. මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායාක , ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ කනිෂ්ක විතාරණ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ආයතනික කටයුතු) චන්දන බණ්ඩාර මෙහෙයුම් කළමණාකාර ගයාන් බණ්ඩාර , පහසුකම් කළමණාකාර අර්ජුන සිරිවංශ, සුභසාධක කළමණාකාර ෂමින්ද විජේතුංග යන මහත්වරු ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

ධර්ම දේශනාව:

මෙලොව පරලොව සුවය සඳහා දුසිරිත් දුරු කරන්න ධර්මයෙහි හැසිරෙන්න

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ - ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හිච, ධම්මං චරෙ සුචරිතං - නතං දුච්චරිතං චරෙ - ධම්චාරී සුඛං සෙති -අස්මිං ලොකෙ පරම්භි ච, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර දී පිය රජාණන් වූ සුද්ධෝදන රජතුමාණන්ට මෙම ගාථා ධර්ම දේශනා කළ සේක. ලෝකාර්ථ චරියාවේ යෙදුණු අප භාග්‍යවතුන් වහන්සේ විසි දහසක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමන් ප්‍රධාන ශාක්‍ය වංශික ඤාතීන්ට නිවන් සුව ලබා දෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමන ආරම්භ කළේ මැදින් පෝ දිනක ය. සුද්ධෝදන මහරජතුමා තම ඇමතියකු අමතා දහසක් පිරිවරදී රජගහනුවරට ගොස් බුදුරදුන් වැඩමවාගෙන එන ලෙස පිටත් කැර යැවූහ. ඇමතියා ද, දහසක් පිරිවර සමඟ රජගහනුවර වේළුවනාරාමයට ගොස් බුදුරදුන් වැඳ එකත්පස්ව හිඳ බුදුරදුන්ගේ ධර්ම දේශනාවට සවන් දුන්හ. ඇමතිතුමා රජුගේ පණිවුඩය නොසලකා පිරිවර සමඟ බණ අසා රහත් වූහ. සුද්ධෝදන රජතුමා ද යැවූ පිරිස පමා වෙන නිසා නව වාරයක් නව දහසක් පිරිවර සමඟ ඇමතිවරුන් යැවූ නමුත් ඒ සියලු දෙනාම බණ අසා රහත්ව පැවිදි වූහ. අවසන්වරට බෝසතුන් හා එකදා උපන් කාලුදායි නම් ඇමතියා කැඳවා මාගේ පුත්‍ර බුදුරජාණන් වහන්සේ වැඩමවා ගෙන එන්නට හැකිදැයි ඇසූහ. කාලුදායි ඇමතියා ‘රජතුමනි’ මට පැවිදි වන්නට අවසර දෙන්නේ නම් එය ඉටු කරන්නෙමි කීවේ ය. රජතුමා එයට අවසර දී දහසක් පිරිවර සමඟ පිටත් කර යැවූහ.

 

අනිත්‍ය ධර්ම අටක් පිළිබඳ නිත්‍ය සිතිවිලි ගොඩනැඟීම අර්ථ විරහිත ය

සමාජයේ වඩා ආවේගශීලි සහ කලකිරීම් තත්වයන් බොහෝ විට නිර්මාණය කරගනු ලබන්නේ තරුණ පිරිස් විසිනි. එයට ප්‍රධාන හේතුව අත්දැකීම් මදකමයි. ඇතැම් විට ගිහි පැවැදි දෙපක්ෂයට ම එය පොදු විය හැකි ය. මෙවැනි අවස්ථාවක ධර්මයෙන් ලද හැකි පිටිවහල ඉතා වැඩිවේ. අපේ ශාස්තෘන් වහන්සේ කෙතරම් ප්‍රමාණයකින් මෙම අකම්පිත ගුණය පුරුදු කළේ ද යන්න මෙම වෙසක් මාසයේ දී අප නිවැරැදිව හඳුනාගත හොත් සැබෑ වෙසක් සැමරුම එයයි. බුදුරදුන්ගේ සම්බුද්ධ ජීවිතය ආරම්භ වන්නේ වසර 35 දී ය. එය දශකයක් ලෙස ගත හොත් බල දශකයයි. එතැන් සිට වසර 45 ක් පුරාවට අකම්පිත ව ලෝක සත්වයා දුකින් මුදා ගැනීමේ අරමුණ වෙනුවෙන් කටයුතු කළහ. අප සියල්ලන්ට ම ජිවිතයේ යහපත් අරමුණු ජයගත යුතු නම් අකම්පිත ගුණය ඉතා අවශ්‍යය. බොහෝ ගැටුම්, ජීවිත දේපළ හානි, සුහදත්වය පඵදු වීම යන මේ සියල්ලට ම මූලික හේතුව අකම්පිත ගුණය නැති කමයි. පඨම ලෝකධම්ම සහ දුතිය ලෝකධම්ම සූත්‍රය තුළ දී අටලෝ දහම බුදුරදුන් විස්තරකොට ඇත. නියම බෞද්ධයකු නම් මෙම කාරණා අටම සම සිතින් උපේක්ෂාවෙන් දරාගත යුතු ය. මන්ද යත් අපේ ශාස්තෘන් වහන්සේ එය උපේක්ෂාවෙන් දරා ගත් නිසාවෙනි.

 

බෞද්ධ ධර්ම චක්‍රය සංකේතය විධිමත් හා අර්ථාන්විත වීම කාලීන අවශ්‍යතාවකි

“ධර්ම චක්‍රය” යන වචනය ඇසෙත් ම බෞද්ධ හදවත් තුළ ඇති වන්නේ ශ්‍රද්ධා භක්තියකි. ගෞරවයකි. දාර්ශනික චිත්තරූපයකි. එසේ වන්නේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මය පමණක් නොව, විශ්ව සාධාරණ ධර්මතා දර්ශනය ම ඉන් මූර්තිමත් වන බැවිනි. එබැවින් එය බෞද්ධ දර්ශනය, විශ්ව සාධාරණ ධර්මතාවය කැටිවුන ප්‍රබල වූත්, උත්තරීතර වූත් සංකේතයකි. තම තමන්ගේ වැටහීමේ, අවබෝධයේ තරමට ධර්ම චක්‍ර සංකේත, විවිධ වූවා පමණක් නොව, විවිධ අර්ථකථන හා විග්‍රහයන් ද ඉදිරිපත් විය. මේ දක්වා නිර්මාණය වූ බෞද්ධ ධර්ම චක්‍ර කීපයක් “සිරිලක ආගමික සංකේත” නම් කෘතියේ, රේටියගම සුමනරතන හිමියෝ ගෙනහැර දක්වති.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]