Print this Article


තිනියාවල ඤාණීන්ද හිමි කළුතර දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට

තිනියාවල ඤාණීන්ද හිමි කළුතර දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට

කළුතර දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරයට තිනියාවල ඤාණීන්ද හිමියෝ පත්ව සිටිති. මෙවර පැවති ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයේ දී උන්වහන්සේ එසේ පත් වූ අතර කළුතර හීනටියන්ගල පෞරාණික ශ්‍රී ආනන්දාරාම විහාරාධිකාරී ලෙස ද වාද්දූව මිහිඳු මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ලෙසද සේවය කළහ. ආනන්දාරාම විහාරස්ථ ආනන්ද දහම් පාසලේ ප්‍රගතියට විශාල සේවාවක් කර ඇති ඤාණින්ද හිමියෝ ප්‍රදේශයේ ආගමික හා සාමාජිය කටයුතුවලදී පෙරමුණ ගෙන කටයුතු කරන හිමි නමකි.