[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දහම දකින්න අප්‍රමාදී වන්න

උට්ඨානෙනප්පමාදෙන - සඤ්ඤමෙන දමෙන ච - දීපං කයිරාථ මෙධාචි - යං ඔඝො නාභීකීරති, අද ධර්මානුශාසනාවට මාතෘකා කළේ ධම්ම පදයේ අප්පමාද වග්ගයට ඇතුළත් ගාථාවක්. බුදුවරයන් වහනසේ කියලා කියන්නේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගත් පුද්ගලයාටයි. කෙනෙකුට ලෝකය දිහාත් ලොව සිදුවන දේ දිහාත් බලන්න ක්‍රම කීපයක් තියෙනවා. එනම් මසැසින්, මනැසින්, නැණසින් හා පැණසින් බැලීමයි. ලෝකයේ බොහෝ දෙනා තමා දෙසත්, ලෝකය දෙසත් බලන්නේ හා දකින්නේ මසැසිනුයි. එහෙත් බුදුවරයන් වහන්සේ නමක් බලන්නේ මනැසින් පැණැසිනුයි . එනිසා මසැසින් බලන අපට වඩා වෙනස් දෙයක් මනසින් හා පැණැසින් බලන කෙනකුට දකින්නට පුළුවනි. මසැසින් බලන අයට පෙනෙන්නේ ටිකයි. ඒත් නැණැසින් බලන කෙනෙකුට විශාල දෙයක් දකින්න පුළුවනි. ඒක හරියට කඳු මුදුනකට නැඟ බලන්නාක් වගෙයි. මසැසින් දකින්නා බොහෝ විට මුළා වෙනවා. රැවටෙනවා. එහෙම වෙන්නේ දෘෂ්ඨි මායාවන් තියෙන නිසයි. ඒත් නැණසින් දකින කෙනකුට එහෙම වෙන්නෙ නැහැ. ඒ තැනැත්තාට යමක යතාර්ථය ම දකින්න පුළුවනි. අපි දකින ආකාරය ධර්මයේ සම්‍යග් දෘෂ්ඨිය හෙවත් නිවැරදි දැක්ම හා මිථ්‍යා දෘෂ්ඨිය හෙවත් වැරදි දැක්ම යනුවෙන් දෙයාකාර බව පෙන්වා දී ඇත්තේ එනිසයි. යමෙකු තුළ වැරදි දැක්මක් තියෙනතුරු ඔහුට ලෝකයේ ඇත්ත අවබෝධ කරගන්න බැහැ. මිථ්‍යාව සත්‍යය යැයි සිතා කටයුතු කරනවා. එනිසාම අනේකාකාර දුක්ඛ දෝමනස්සයන්ට හසුවෙලා දිගින් දිගට සසර පුරාවට ගමන් කරනවා. කෙනකු මුළාවට පත් කරවන දේ අතරින් මිථ්‍යා දෘෂ්ඨිය තරම් භයානක වෙනත් දෙයක් නැතැයි තථාගතයන් වහන්සේ වදාළේ ද එනිසයි.


  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]