Print this Article


පැවිදි පින්කමක්

පැවිදි පින්කමක්

මීරිගම, මක්කානිගොඩ පදිංචිව සිටි ජී.ආර්. හේමන්ත පුෂ්පසිරි මහතා පසුගිය දා හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානයේ දී මක්කානිගොඩ හේමකිත්ති නමින් සසුන් ගත විය. සිය නිවසේ සිට දර්ශනීය පෙරහරකින් හාපිටිගම ජයසුමනාරාම මූල මහා විහාරස්ථානය වෙත කැඳවාගෙන විත්, පැවිදි වීමට පෙර සියලු වත්පිළිවෙත් ඉටු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර විමල නා හිමිපාණන්ගෙන් පැවිද්ද ලබා සසුන්ගත වූහ.