[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සේයාරුව - අමිල ප්‍රභාත් වනසිංහ

මිහින්තලේ මිහිඳු සෑය

“තුන්වැනි ධර්ම සංගායනාව අවසන් වූ වහාම ධර්ම දූතයන් වහන්සේලා අනික් රටවල් බලා පිටත්ව ගිය ද, මිහිඳු මහ රහතන් වහන්සේ විදිසා නගරයෙහි (මෙකල සාංචිය) වේදිසගිරි විහාරයේ සුදුසු කාලය පැමිණෙන තුරු නතර වී සිටියහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මෑණියන් වාසය කළේ ද මෙම විදිසා නගරයේ ය. එකල අනුරාධපුර රාජධානියෙහි රජ කළ මුටසිව රජු ඉතා මහලුව සිටි හෙයින් බුදු දහම නුවණින් තේරුම් ගැනීමට හෝ එය පතළ කිරීම සඳහා දැඩි උනන්දුවකින් ක්‍රියා කිරීමට හෝ ඔහුට නොහැකි යැයි සිතූ මිහිඳු මහ රහතන් වහන්සේ ඒ රජුගේ අභාවයෙන් පසු ඔහු පුත් දේවානම්පියතිස්ස රජවන තුරු බලා සිටියහ. දේවානම්පියතිස්ස රජු මුටසීව රජුගේ දෙවැනි පුත්‍රයා ය. (ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය පළමුවන කාණ්ඩය, ප්‍රධාන සංස්කාරක, මහාචාර්ය හේමචන්ද්‍රාරායි. පි. 130-1964) මිහිඳු මහ රහතන් වහන්සේ වේදිසගිරි විහාරයේ සිට පොසොන් පුර පසළොස්වක දා තවත් භික්ෂූන් වහන්සේ සහ භණ්ඩුක උපාසක සමඟ ලංකාවට වැඩම කළ සේක. දේවානම්පියතිස්ස රජු අවුරුදු හතළිහක් රජකම් කළේ ය. එම කාලයේ දී මිහිඳු මහ රහතන් වහන්සේට පසුව සංඝමිත්තා මෙහෙණිය සහ තවත් මෙහෙණීන් වහන්සේලා ද ලංකාවේ බුදු දහම ප්‍රචාරය කිරීමේ කටයුතු ඉටු කළහ. දේවානම්පියතිස්ස රජුට පසුව ඊළඟට රජ වූයේ දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොහොයුරකු වූ උත්තිය කුමරු ය. උත්තිය රජතුමාගේ අටවැනි රාජ වර්ෂයේ දී අනුබුදු මිහිඳු හිමියන් ලෙසින් ද හැඳින් වූ මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

  වප් පුර අටවක 

    ඔක්තෝබර් 23 සිකුරාදා පූර්වභාග 06.57 න් පුර අටවක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 06.59න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]