Print this Article


උතුම් පැවිදි බිමට

උතුම් පැවිදි බිමට

ඉඳුරුව යාලේගම සුදේශ් චතුරංග ගුණසේකර සහ සුමනා වටවල යන මව්පිය දෙපළගේ පුතණුවන් වූ කවිඳු කෞෂාන් ගුණසේකර කුල දරුවා ඇහැලියගොඩ සාම මහා විහාරාධිපති, ශාස්ත්‍රපති දන්දෙනියේ විපුලසීහ හිමියන්ගේ ආචාර්යත්වයෙන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් යාලේගම විපුලඤාණ නමින් ඇහැලියගොඩ සාම මහා විහාරයේදී උතුම් වූ ප්‍රවෘජ්ජා භූමියට පසුගියදා ඇතුළත් කෙරුණි.

එම පැවිදි නාමය සාමණේර හිමියන්ට ලබා දෙන ලද්දේ අපවත්වී වදාළ ඇහැලියගොඩ ශ්‍රී සුමනතිස්සාරාමාධිපති ධර්මාචාර්ය යාලේගම විපුලඤාණ හිමිපාණන්ට උපහාර වශයෙන් යැයි සාම විහාරාධිපති දන්දෙණියේ විපුලසීහ හිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන සභාවේ ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත කරකොලේ පියදස්සී හිමි, එම නිකායේ කාරක සංඝ සභික ගම්මැද්දේගොඩ සෝරත නා හිමි සහ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පලීගල නාරද යන නා හිමිවරු ද මෙම පුණ්‍යකර්මයට සහභාගි වූහ.

 

 

 

****

තේනුක ආකෂ් කරුණාරත්න කුල දරුවා මණ්ඩාවල ශ්‍රී මුනීද්‍රරාමාධිපති ශාස්ත්‍රපති ඇකිරියන් කුඹුරේ සීලරතන හිමිගේ ශිෂ්‍යවරයකු ලෙසින් ගිරාඳුරුකෝට්ටේ ජිනරතන නමින් පසුගියදා සසුන් ගත කරන ලදී.