Print this Article


සසරේ  පින් පුරවන්නම්

සසරේ  පින් පුරවන්නම්

සැප සම්පත් අතහැරලා
කසාවතක් පොරවාගෙන
නා හිමි ළඟ පැවිදි වන්න
පින් පුරවන්නම් - මම //

හිමිදිරියේ අවදිවෙලා
මලසුන් බෝ මළු ඇමදා
පා ගමනෙන් පිණ්ඩපාතෙ
සෙමෙන් වඩින්නම් - මම //

දහම් එළිය පතුරාලන
සඟ රුවනක් වී මතු දින
ලොකු සමිඳුන් වගේ වෙන්න
පින් පුරවන්නම් - මම //

නැණ වීරිය වඩවාලා
කෙලෙස් අඳුර දුරු කරලා
මනුසත් සිත් නිවාලන්න
පින් පුරවන්නම් - මම //