[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනා

කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනා

උපකාර වුවමනා තැන දී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍රයා ය. ආරක්ෂා කළ යුතු අවස්ථාවල දී මිතුරා ආරක්ෂා කිරීම ය, මිතුරා ගේ වස්තුව ආරක්ෂා කිරීම ය, විපතේ දී පිහිට වීම ය, කරුණක් පැමිණි කල්හි ධනය දීමෙන් උපකාර කිරීමය යන මේවා උපකාරක මිත්‍රයා ගේ ලක්ෂණයෝ ය.

මිතුරාට වන සුව දුක් තමාට වන සුව දුක් සේ සලකන මිත්‍රයා සමාන සුඛදුක්ඛ මිත්‍රයා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරා ගේ රහස් අනෙකුකට නො දැන ගන්නට ආරක්ෂා කිරීම ය, විපතේ දී හැර නො යෑමය ය, මිතුරා වෙනුවෙන් ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට කැමති බව ය යන මේවා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා ගේ ලක්ෂණයෝ ය.

දෙලොව යහපත සිදු කර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා අර්ථඛ්‍යායි මිත්‍රයා ය. පාපයෙන් වැළැක්වීම ය, යහපතෙහි පිහිටවීම ය, නො දත් දෑ කියා දීමය, ස්වර්ගයට මඟ කියා දීම ය යන මේවා අර්ථඛ්‍යායි මිත්‍රයාගේ ලක්ෂණයෝ ය.

සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන්නා වූ තැනැත්තා අනුකම්පක මිත්‍රයා ය. මිතුරාගේ පිරිහීම ගැන කනගාටුවීම ය, දියුණුව ගැන සතුටුවීම ය, දොස් කීම් වැළැක්වීම ය, ගුණ කියන්නවුන්ට පැසසීම ය යන මේවා අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණයෝ ය.

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලද්දකි. සියලු දුකින් මිදීමට හා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල සම්පත්තීන් ම ලැබීමට ද කල්‍යාණ මිත්‍ර සේවනය බලවත් හේතුවකි.

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]