Print this Article


සෙන් කතා: නුවණැති මනස

සෙන් කතා: නුවණැති මනස

බොහෝ කලකට පෙර ජපානයේ විශාල නගරයක තරුණයෙක් වාසය කළේය. ඔහුට තමන්ගේ ජීවිතයේ හිස් බවක් හැඟුණි. ඔහු අභ්‍යන්තර සාමය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් හිස භූ ගා කඳුකර ප්‍රදේශයකට ගොස් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් වාසය කළේය.

අනලස්ව අවුරුදු දහයක් පමණ ඉගෙන ගැනීමෙන් පසුව වුවද භාවාත්මක හැඟීම් සමග කෙසේ ජීවත් විය යුතු ද යන්න අවබෝධ කර ගත නොහැකි වූ බව මේ භික්ෂූන් වහන්සේ තේරුම් ගත්හ. අනෙක් භික්‍ෂූන් සමඟ කථා කිරීමේ දී චීනයේ ජීවත් වන උසස් සෙන් ගුරුවරයෙකු පිළිබඳ ඔහුට අසන්නට ලැබුණි. ඔහු ළඟ ඉගෙන ගැනීමෙන් තමන්ගේ ‘ආවසානක පරමාත්මය‘ අවබෝධ කර ගත හැකි යැයි භික්ෂුවට හැඟීමක් ඇති විය. තමන් සන්තක වූ ස්වල්පයක් වූ මාර්ගෝපකරණ මල්ලකට දමා ගෙන ජපන් මුහුද තරණය කොට දීර්ඝ වූ දුෂ්කර ගමන ශුෂ්ක වූ තැනිතලා මැදින් ආරම්භ කළහ.

දිනපතා පැය ගණනාවක් භික්ෂූන් වහන්සේ ඇවිද්දාහ. සන්ධ්‍යා කාලයේ බීමට පිරිසුදු ජලය තිබෙන බිම් පෙදෙසක නතර වූහ. මෙලෙස මාසයක් පමණ ගමන් කිරීමෙන් පසු ශක්ත්‍යායනය සහ ශූන්‍යය පිළිබඳ අමුතු හැඟීමක්, වේදනාවක් ඇති විය. විශේෂයෙන් උණුසුම් සහ වියළි එක් දවසක කෙළවරක් නැතිව ඇවිද්ද නමුදු වතුර ටිකක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ සඳ නැති රාත්‍රිය ලංවත්ම ක්‍ෂේම භූමියක් සොයා ගැනීමට සමත් විය. අතිශයින්ම වෙහෙසට පත්ව සිටි භික්ෂූන් වහන්සේ පොළොව මත ඇද වැටුණාහ. අඳුරේම එහෙ මෙහෙ පෙරළෙමින් ජීවත්වීම සඳහා වතුර පොදක් සොයන්නට වෙහෙස විය. කෙනෙකු විසින් තබා යන ලද කුඩා කළයක් භික්ෂූන් වහන්සේ ට හමු විය. එලෙස තබා යන කළයේ ඊළඟට එන අය වෙනුවෙන් ජලය ඉතිරි කර යාම පොදු සිරිතකි. එහි තිබූ ස්වල්ප වූ ජලය භික්ෂූන් වහන්සේ රස කර කර ටික ටික පානය කළහ. ලෝකයේ ආශිර්වාදය සහ සාමය භික්ෂූන් වහන්සේ ට දැනුණි. භික්ෂූන් වහන්සේ බිම දිගා වී ඊළඟ දිනයේ හිරු නඟින තෙක් සුවබර නින්දකට වැටුණාහ.

නින්දෙන් ඇහැරුණු භික්ෂූන් වහන්සේ කලින් දින රාත්‍රියේ ජලය පානය කළ පොඩි කළය දුටුවහ. ඇත්තටම එය මිනිසෙකු විසින් සාදන ලද කළයක් නොව වෘක පැටියෙකුගේ කුඩු වූ හිස් කබලකි. ලේ කැටිතිවලින් තෙත් වූ හිස් කබලෙහි ඇතුළත විශාල ප්‍රමාණයක් කූඹින් ගැවසී ලේ කැටිති අදිමින් සිටිති. භික්‍ෂුව මේ සියල්ල දැක පිළිකුල ඇති වී වමනය කරන්නට පටන් ගත්තාහ. කටට වත්කර ගත් දියරය නිසා ඇති වූ ඔක්කාරය භික්ෂූන් වහන්සේ මැඬපවත්වා ගත්හ. භික්ෂූන් වහන්සේ ගේ නුවණැති මනස ශරීරය සහ චිත්තවේග මැඬපැවැත්වීම පැහැදිලිවම අත්දකින ලදි. භික්ෂූන් වහන්සේ ගේ නුවණැති මනස සම්පූර්ණ ජීවිතයම මැඬපවත්වන ලද බවට එකඟ වීම හැර වෙන කිසිවක් ඉතිරිව නැත.

කලින් දින රාත්‍රියේ රස කර කර බිව් අවස්ථාවේ භික්ෂූන් වහන්සේ ට දැනුණේ අලුත් සහ පිරිසුදු වතුර ලෙසට යි. එය අවස්ථානුකූලව භික්ෂූන් වහන්සේ ට හඟවනු ලැබූ වැරැදි අවබෝධය යි. ඉර උදාවත් සමඟ දුටු හිස් කබල සහ කුහුඹුවන් භික්ෂූන් වහන්සේ ට ඔක්කාරය ගෙනදුන් දුර්ගන්ධ වතුර නොව භික්ෂූන් වහන්සේ ගේ අතීත ක්‍රියාවන් වේ.

හරිහැටි තේරුම් ගැනීම හෝ වැරදියට තේරුම් ගැනීම නොසලකා භික්ෂූන් වහන්සේ ට ඒ තත්වය ඇති කළේ කෙලෙසදැ’යි විමසා බැලුවහොත් තමන්ගේම කල්පනාකාරී මනස යයි පෙනෙයි. මෙය භික්ෂූන් වහන්සේට එක්වරම පැහැදිලි විය. චින්තනය දුක ඇති කිරීමට හේතු වෙනවා වාගේම චින්තනය සිතෙහි සාමය ඇති කිරීමට ද හේතු වෙයි. අතීතයේ කුමක් කළේ නමුදු වර්තමානයේ දක්වන ප්‍රතිචාරයට වඩා එය අඩු වරිනාකමක් ඇති බව භික්ෂූන් වහන්සේ අවබෝධ කර ගත්හ.

මෙය අවබෝධ කර ගැනීමත් සමඟම භික්ෂූන් වහන්සේ ගේ ගමන නිමා කළේය. මෙය අවබෝධ කර ගැනීමත් සමග ආපසු පැමිණ භාවාත්මක හැඟීම් සමඟ ජීවත් වූහ.

ආදර්ශය : ඔබ කල්පනා කරන ආකාරයටයි ඔබ දුකට යොමු කරනුයේ.