[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ජයභූමියෙහි ඉදිවන සඳහිරු සෑය

වසර 40 ක් අන්‍ය ආගමික පාලනයක් සතුව තිබූ ශ්‍රී ලංකාව එක් සේසත් කර මුදවා ගැනීමේ විජයග්‍රහණයේ සංකේතයක් ලෙස දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකරවීය. එය එදත් අදත් අපේ මහා ස්තූපයයි. 1980 සිට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් පැවතිණ. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු නායකත්වය හා මෙහෙයවීම මත ඒ යුද්ධය 2009 මැයි 19 වැනිදා විජයග්‍රහණය කිරීමට අපේ ආරක්ෂක හමුදාවලට හැකි විය. ථූපවංශයේ සඳහන් අයුරින් විශාල ස්තූප අපේ රට පු‍රා ඉදිවී ඇත්තේ මේ අයුරින් රට සැබෑ නිදහස හා ස්වෛරීභාවය ලැබූ අවස්ථාවල දී ය. ඒ අනුව යමින් ඒ යුද ජය සැමරීමත් එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු‍ දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම ඇරැඹිනි. 2010 නොවැම්බර් 22 වැනිදා එය ආරම්භ කළ අතර 2014 නොවැම්බර් 23 වැනිදා එහි ධාතු නිධන් කිරීම සිදුවිය. අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි දුටුගැමුණු රජ හා එළාර රජ මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජ ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවීම ද විශේෂත්වයකි. එහි වැඩ කටයුතු දැන් වේගවත් අයුරින් සිදුවෙන අයුරු පසුගියදා එහි ගිය අපට දැකගත හැකි විය.


   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]