[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බුදු සිරිතයි පරිසරයයි

දෙව්දහ නුවර ලුම්බිණි නම් වූ සල් උයනේ, ඉතාමත් රමණීය පරිසරයක දී මහා මායා මව්තුමියගේ කුසින් සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවීම, මතු බුදු පදවියට පත්වෙන උතුමාණන් මොන තරම් නම් පරිසරයේ ම කොටසක් ද යන්න පැහැදිලි ය. ඉන් අනතුරුව සිද්ධාර්ථ චරිතය දෙස බැලීමේ දී, සිදුහත් කුමරුට මාස තුනක් ගතවන නිමේෂයේ සුදොවුන් පිය මහ රජතුමාණෝ ඉතාම ඉහළින් පවත්වන්නට යෙදුණු රාජ්‍ය උත්සවය සුවිශේෂී ය. සිදුහත් පුතු නින්දේ පසු වන්නේ යැයි සිතූ කිරි මව්වරු වප් මඟුල දෙස මොහොතකට නෙත් යොමු කළහ. ඒ ඇසිල්ලේම වෘක්ෂය මුදුණේ පළක් බැඳගෙන බවුන් වඩන පුංචි දරුවා දුටුවහ. බෝසතාණන් වහන්සේ ඉතා කුඩා වයසේ වුව ද, පරිසරයත් සමඟ පෙර බවවලදී තිබුණු ශක්තිය මතු කරගනිමින් ආනාපානසතිය වැනි භාවනාවක් වැඩීමට තරම් ශක්තිමත් වූහ. සිද්ධාර්ථ කුමාරයාණන් අධ්‍යාපනය ලබන සමයේ, සර්ව මිත්‍ර බමුණානන් මේ දරුවා හදන්නේ පරිසරයත් සමඟ ය. එතුමාණෝ, කුමරුට පරිසරයේ ඉගෙනුම් න්‍යායන් ලබා දුන්හ. මෙහිදී සිදුහත් චරිතයේ් අපූර්ව කතාවක් සිහිපත් වේ. දෙව්දත් කුමරු දුනු ඊතල මානා විද බිම දැමූ හංසයා සුවපත් කර ගැනීමට සිදුහත් කුමරු සමත් විය. දෙව්දත් කුමරු හංසයාගේ අයිතිය ඉල්ලා කලබල කරන මොහොතේ කුමරු පැවසුවේ ‘මේ සතා මියගියා නම් අයිතිය ඔබටයි. ඒත් දැන් මේ සතා ජීවත් වෙනවා. ජීවත් කළේ මමයි. එනිසා මේ සතා අයිති මටයි.’ යනුවෙන් ය. මෙසේ සොබා දහමේ තිබෙන ගහකොළ සමඟ සතා සිවුපාවා සමඟ සිදුහත් කුමරු අපූර්ව බැඳීමක් ඇති කර ගත්තේ ය.


 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]