Print this Article


පිහිට පතයි

පිහිට පතයි

එල්.ආර්.සී.එස්. ගුණසේකර මහතාගේ ජීවිතය බේරාගැනීම සඳහා වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. එම වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සඳහා විශාල මුදලක් අවශ්‍ය බව ද කියයි. (ලංකා බැංකුවේ අංක 85453572) දරණ ගිණුම කෑගල්ල අධි ශ්‍රේණි ශාඛාව) තවද බද්ධ කිරීම සඳහා වකුගඩුවක් අවශ්‍ය වන අතර “ඒ, බී පොසිටිව්” හෝ “ඒ, බී, ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් භික්ෂූන් වහන්සේගේ හා භික්ෂුණීන් වහන්සේගේ හෝ පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාග බලාපොරොත්තු වන බවද කියයි. විමසීම් 077 7815598 (චමින්ද) එච්.37/1, තෝරහේන, වැරැල්ල, නාගොල්ල පාර, කෑගල්ල

****

මාතර තිහගොඩ වැල්ලේතොට පදිංචි එච්.එම්.ඩී. දිල්ෂානි (29) දෙදරු මව වකුගඩු රෝගයෙන් පෙළෙන ඇයට මාතර මහ රෝහලේ වෛද්‍යවරුන් පවසන අන්දමට හැකි ඉක්මනින්, වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇති බව කියයි. ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙක් වේ නම් පහත දුරකතන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 077 9619581,0710407421.

තවද වකුගඩු බද්ධය සඳහා යන මුදල් සොයා ගැනීම සඳහා ලංකා බැංකුවේ මාලිම්බොඩ ශාඛාවේ ගිණුමක් විවෘත කර ඇති අතර ගිණුම් අංකය 77183431 වෙත පරිත්‍යාගශීලින්ගේ ආධාරය අපේක්ෂා කෙරේ.

****

අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් පසුවන මවකට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වෙතොත් දන්වන්නැයි , රෝගී මවගේ පුතණුවන් ඉල්ලීමක් කරන අතර දුරකතන 0776645247 අංකය වේ.