සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඓතිහාසික අනන්‍යතාවයක්
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
අනුරාධපුර ලංකාරාමාධිකාරි
රැළපනාවේ ධම්මජෝති නා හිමි
ජාතියේ අනන්‍යතාවය ඉස්මතු වී පෙනෙන හොඳම අවස්ථාවක් හැටියට සිංහල හා හින්දු අලුත්
අවුරුද්ද සැලකිය හැකි ය. සිංහල අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන සිරිත් විරිත් – ආචාර
සමාචාර – ගුණධර්ම, චර්යාධර්ම, සාරධර්ම ආදිය යළි මතු පරපුරට සිහි ගන්වන අවස්ථාවක්
සිංහල අලුත් අවුරුදු දිනය සැලකිය හැකි ය.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ‘සූර්ය මංගල්‍යය’ ලෙස ද හඳුන්වනු ලැබේ.
සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද වෙනුවෙන් හැමදෙනාම ඉටුකළ යුතු චර්යා ධර්ම
මාලාවක් පවතී. අලුත් අවුරුද්ද පටන් ගන්නා ප්‍රථම දිනය පරණ අවුරුද්ද වශයෙන් ගෙවීයන
වසරේ අවසන් දිනය ලෙස සලකනු ලැබේ. පරණ අවුරුදු දිනයේ දී වසරක කාලයක් ජීවත් වීමේ දී
මුහුණ දුන් අත්වැරැදි , ගැටලු, ප්‍රශ්න මනාප අමනාපකම් ආදිය නැවත සිහියට ගෙන පවුලේ
අය සමඟ හා අසල්වැසියන් සමඟ වසර තුළ ඇතිකර ගත් අමනාපකම්, නොහොඳ නෝක්කාඩුකම් සිහියට
ගෙන එවැනි අය හමුවී සුහදශීලිව කථාබහ කොට අමනාපකමේ වේදනා හිතෙන් දුරු කිරීමට කටයුතු
කිරීම පරණ අවුරුදු දිනයේ සිදුකළ යුතු සුවිශේෂී මානව හිතවාදී චාරිත්‍රයකි. මෙහිදී
එක් එක් අයගේ වැඩිහිටිකම් අනුව බාලයා විසින් වැඩිමහල් අයට බුලත් හුරුල්ලක්
පිළිගන්වා වැඳ නමස්කාර කර ක්ෂමාව භජනය කොට සිත් සතන් පිරිසුදු කරගනිති. එසේම
බාලදරුවන්, ළමා ළපටින්, තෙල් බඳුනක් ද රැගෙන අසල්වැසි ඥාතීන් වෙත ගොස් –
වැඩිහිටියන්ගේ දෙපාවල පොල්තෙල් පිරිමැද නවවැඳුම් වැඳ ඔවුන්ගේ ආශිර්වාදය ලබාගනිති.
නිවෙස්වල ගෘහණියන් අවුරුදු චාරිත්‍රවලට අවශ්‍ය කැවිලි පෙවිලි සූදානම් කරති. ගේ දොර
පිරිසුදු කර උපකරණ ආදිය පිළිවෙලකට සකස්කොට ගෙදරට නැවුම් බවක් ලබා ගැනීමට කටයුතු
කිරීම ද ගෘහණියන්ගේ වගකිමකි.
අලුත් අවුරුද්දේ උදාව පිළිබඳව යෙදී ඇති නැකැත් අනුව නොනගත කාලය ගත කිරීමෙන් පසුව
උදාවන අලුත් අවුරුද්දේ සිරිත් විරිත් අනුකරණයට කොයි කවුරුත් පෙළඹෙති.
සෑම දෙනාම නොවරදවාම තෙල්, මල් පහන් රැගෙන විහාර ස්ථානයට ගොස් බුදුන් වැඳ සංඝ
රත්නයෙන් ආශිර්වාද ලබා ගනිති. අවුරුදු නැකත යෙදී ඇත්තේ පෙරවරුවට නම් විශේෂයෙන්
පිසින ලද කිරි ආහාර රැගෙන ගොස් සම්බුදු හිමියන්ට පූජාකොට සංඝරත්නයට ද පිළිගන්වති.
විහාරස්ථානයට ගොස් සියලු දෙනා බුදුන් වැඳ, සංඝරත්නයෙන් ආශිර්වාද ලබාගැනීමෙන් පසු
ආපසු නිවෙස් වෙත පැමිණි ගෘහණිය විසින් ඉෂ්ට දේවතා පහන සමඟ අලුත් අවුරුදු කෑම මේසය
සූදානම් කරනු ලැබේ. මෙහිදී සියලුම දෙනා අලුත් අවුරුදුකෑම මේසයට වාඩිවී ප්‍රථමයෙන් ම
ඉෂ්ට දේවතා පහනේ පහන් තිර දල්වති. ඉෂ්ට දේවතා පහන යනු මව්පියන්ට පුදදීම සඳහා දල්වනු
ලබන ගරුබුහුමනින් පිරි පහනකි. මෙම පහන දල්වා මව්පියන්ට, දිවංගත කිරි අත්තාට, කිරි
අම්මාට පින් පමුණුවා පියා විසින් අලුත් අවුරුදු මේසය මවගේ ආරාධනයෙන් විවෘත කරනු
ලැබේ. සියලු දෙනාම එක්ව ආහාර ගැනීමෙන් පසු ළමා ළපටින් ගෘහස්ථ ක්‍රීඩාවලට මෙන්ම
එළිමහන් ක්‍රීඩාවලටද පැන යති. ගෘහස්ථ ක්‍රීඩා වශයෙන් පංචදැමීම, ඔළිඳ ක්‍රීඩාව, වැනි
ක්‍රීඩාවල ගැහැනු දරුවෝ යෙදෙති. චක්ගුඩු සෙල්ලම, එල්ලේ ගැසීම, ඔංචිලි පැදීම, තට්ටු
පැනීම, අලියාට ඇස් තැබීම, ලිස්සනගහේ නැගීම, තරඟයට දියබුං ගැසීම, තරගයට වැවේ පීනීම,
වැනි ක්‍රීඩාවල පිරිමි අය යෙදෙති. එසේම ළමාවියේ අය අලුත් ඇඳුම් ඇඳගෙන දවස පුරා කෙළි
දෙලෙන් ගත කරති.
සිංහල අලුත් අවුරුද්ද වසරක් තුළ තමන් ගත කළ ජීවිතයේ හරි වැරැදි තේරුම් ගෙන අලුත්
අවුරුද්දට අලුත් ඇඳුම් අඳින්නාක් මෙන් ජීවිතය ද අලුත් කර ගැනීමට හොඳම අවස්ථාවකි.
අටුවා ග්‍රන්ථවල සඳහන්වන අන්දමට බුදුවරයෙකු බුද්ධත්වයට පත්වි වසර පන්දහසක් ගිය තැන
උන්වහන්සේලාගේ ශාරිරික ධාතුන් වහන්සේලා උන්වහන්සේලා බුද්ධත්වයට පත්වු බෝධි මූලයට
එක් රැස්වී පරිනිර්වානයට පත්වෙයි. එතෙක් උන්වහන්සේලාගේ ශාරිරික ධාතුන් වහනසේලා
ජීවමාන බුදුරදුන් සේ බුද්ධානුභාව ඇතිව ලෝකයාට ආශිර්වාද කෙරෙති. සර්වඥ ධාතුන්
වහන්සේලාට අදත් අප බුදුන්ට සේ පුද පූජා පවත්වන්නේ ඒ නිසා ය. මේ බුද්ධ බලය රෝග,
යක්ෂ,පේ‍්‍රත, භුත ග්‍රහ දෝෂ දුරුකරගැනීමට උපකාර වේ. ආටානාටිය පිරිත් දේශනයෙන්
කෙරෙන්නේ මේ සේවාවයි.
“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” යන බුදුවදනින් කියැවෙන්නේ ධර්මයෙන් ජීවත්වන්නා
ධර්මයෙන් ම ආරක්ෂා කරන බවයි. ධජග්ග සූත්‍රයේ මේ බව විස්තර වේ. මේ නිසා අලුත්
අවුරුදු දා සිය ජීවිතය ගැන නැවත සිතා බලා බුදුදහම අනුව ජීවිතය නිවැරැදිව පවත්වාගෙන
යාමට අධිෂ්ඨාන කර ගැනීම වැදගත් වේ. |