හෙළ සිරිතට ගරු කරන සුහදතාවය වර්ධනය කරන අවුරුදු උළෙල
ඌරුගමුවේ
අස්සජි හිමි
මේ බක් මාසය යි. සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් සමාජ වටපිටාවක් මෙ සමයෙහි
දක්නට ලැබෙයි. තුරුලතා මල්ඵලවලින් බරව විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් නෙත සිත
පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරඹිණි. බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන
රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු
භක්තිකයන් මෙම අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින්
යුක්තව යි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සූර්යයා මුල් කොටගෙන පවත්වන උළෙලකි. මෙකල එයට
“සූර්ය මංගල්‍යය” යන නම ද ව්‍යවහාර කෙරෙයි. එහෙත් අපගේ පුරාතන උත්සව බොහොමයක් යෙදී
තිබෙන්නේ චන්ද්‍රමාස ක්‍රමය අනුව ය. සූර්යයා මුල්කරගෙන පවත්වන එකම උළෙල මෙම බක් මහ
උළෙල යි. අනෙකුත් උත්සවවලට වඩා මෙහි තවත් විශේෂ වෙනසක් පවති යි. එනම් මෙය සමාජ
ප්‍රතිසංස්කරණ උත්සවයක් හෙවත් මුලු සමාජය ම යම් වෙනසක ට මුල පුරන උත්සවයක් වීම යි.
ලංකාවේ පණ්ඩුකාභය රාජ්‍ය සමය තෙක් අතීතයට හිමිකම් කියන මෙම සිංහල හා හින්දු අලුත්
අවුරුද්ද සතියක් පුරාම පැවැත්වෙන චාරිත්‍රානුකූල උත්සව සමූහයකින් සමන්විත වේ. එම
උත්සව හා චාරිත්‍ර අතරට මේවා ඇතුළත් ය.
නව සඳ බැලීම
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අලුත් අවුරුදු උදාව
පුණ්‍ය කාලය
ආහාර පිසීම
වැඩ ඇල්ලීම
ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
හිස් තෙල් ගෑම
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
මේවා සියල්ලක්ම සංස්කෘතික වටිනාකම් සහිත ක්‍රියාකාරකම් ය. බෞද්ධ සංස්කෘතිය උරුමව
පවත්නා අප රටට බෙහෙවින්ම ගැළපෙන චාරිත්‍ර මුසු වූ උත්සවයක් ලෙස මෙය ඇගයිය හැකිවන්නේ
ඒ නිසා ම ය.
පැරැණි අවුරුද්ද ලෙස හඳුන්වන්නේ නව අවුරුදු උදාවට පෙර දිනය යි. ඒ අපේ‍්‍රල් 13
වැනිදා ය. මෙම පැරැණි අවුරුද්දට බොහෝ දෙනෙක් නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය
කරති. මෙවර අලුත් අවුරුද්ද උදාවන්නේ අපේ‍්‍රල් 14 ප.ව. 2.09 ටයි. සිංහල අවුරුද්දේ
කිසියම් නැකතක් නොමැති වේලාව “නොනගතය” ලෙස හැඳින් වේ. එහි දී සියලු වැඩ කටයුතු
අත්හැරීම චාරිත්‍රය යි. විහාරස්ථානවලට ගොස් ආගමික කටයතුවල නිරතවීම පමණක් මෙහි දී
සිදු කෙරෙන අතර එම නිසාම මෙය “පුණ්‍ය කාලය” ලෙස ද හැඳින්වේ. මෙය එතරම් සුභ වේලාවක්
නො වන නිසා මෙසේ පුණ්‍ය කටයුතුවල යෙදීම සුදුසු වන බව ඡ්‍යොතිෂයේ ඉගැන්වේ. මෙවර
අපේ‍්‍රල් 14 පෙ.ව. 7.45 සිට ප.ව. 8.33 දක්වා ම මෙම පුණ්‍ය කාලය යෙදී තිබේ. එබැවින්
අපේ‍්‍රල් 14 පෙ.ව. 7.45 ට පළමුව ආහාරපානාදිය ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල
යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් 14 ප.ව. 2.09 සිට ප.ව. 8.33
දක්වා නියමිත ඒ ඒ නැකැත් හෝරාවන් තුළ පහත සඳහන් චාරිත්‍ර සිදු කළ යුතු බව ද
ඡ්‍යොතිෂ විද්‍යාව තුළ උගන්වා ඇත.
ලිප ගිනි මෙලවීමෙන් අලුත් අවුරුද්ද උදා වෙයි. අපේ‍්‍රල් 14 ප.ව. 2.42 ට රතු කහ ,
මිශ්‍ර ( තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා ලිප් බැඳ ගිනි
මෙලවීම සිදු කළ යුතු ය. නියමිත නැකැත් හෝරාවට කලින් ලිප තුළ ගිනි අඟුරු තබා ගැනීම
සිදු නො කළ යුතු ය. මෙසේ දැල් වූ ලිපෙන් කිරි ඉතිර වීම ද මෙහිදී සිදු කෙරේ. මේ සඳහා
පොල් කිරි හෝ එළකිරි යොදා ගැනෙයි. මීට භාවිත කරනුයේ නැවුම් මුට්ටියකි. ඉන් පසු ආහාර
පිසීම සිදු කෙරේ. කිරි උතුරායාම සෞභාග්‍යයේ හා සශ්‍රීකත්වයේ සංකේතයක් වන හෙයින් මෙම
චාරිත්‍රය වාසනාව ගෙට කැඳවාගෙන ඒමක් ලෙස විශ්වාස කරයි.
අපේ‍්‍රල් 14 ප.ව. 3.54 ට රතු කහ මිශ්‍ර ( තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් නැගෙනහිර
දිසාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මෙවර සිදු කළ යුතු වේ.
ආහාර සත්ත්වයා ගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි. එය ජීවය ගෙන දෙන ප්‍රධාන සාධකයකි.
එබැවින් නව වසරේ චාරිත්‍ර අතර මෙම ආහාර අනුභවය ද ප්‍රමුඛත්වයක් ගනියි. බිම පැදුරු
එලා ඒ මත වාඩි වී ආහාර අනුභව කිරීම පුරාණ චාරිත්‍රය යි. එහෙත් දැන් ඒ වෙනුවට
“අවුරුදු කෑම මේසය” යොදා ගැනේ. එහි කිරිබත සේ ම විශේෂයෙන් කැවුම්, කොකිස්, අතිරස ,
කෙසෙල් ගෙඩි යනාදිය තබා තිබේ. මෙම කෑම මේසය ඉඳුල් කිරීම සඳහා ගමේ සත් ගුණවත්
ප්‍රභූවරයෙකුට ආරාධනා කෙරෙයි. ගනුදෙනු කිරීමේ චාරිත්‍රයේ දීද බොහෝවිට සිදුවන්නේ
ආහාර අනුභවය සඳහා ආරාධනා ලැබු ප්‍රභූවරයා අතින්ම මූලික ගනුදෙනුව සිදුවීම යි. පසුව
පවුලේ සාමාජිකයන් අතර ගනුදෙනු හුවමාරු කර ගැනීම සිදු වෙයි. වැඩ ඇල්ලීමේ
චාරිත්‍රයේදී කිරි ගහකට කෙටීම සිරිතක් වන අතර පුරාණ චාරිත්‍රයට අනුව උදැල්ලක් ගෙන
හේනේ , ගෙවත්තේ හෝ කුඹුරේ වැඩ ඇල්ලීම සිදු කරයි.
අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමටද ප්‍රමුඛස්ථානය හිමි වෙයි. මනා ශරීර සෞඛ්‍යයකින්
ජීවත්වීමට හා මිනිස් ජීවිතයට හිස ප්‍රධාන වන හෙයින් ඊට යෝග්‍ය සෞඛ්‍ය සත්කාර
සිදුකිරීම මෙහි අරමුණ යි. එබැවින් මෙම හිසතෙල් ගෑමේ චාරිත්‍රය පුරාතනයේ පටන් සුබ
නැකතින් භක්තිමත්ව සිදු කළ කාර්යයකි. මේ සඳහා හිසට උඩින් එල්ලීමටත් පයට පෑගෙන සේ
තැබීමටත් විවිධ ඖෂධීය ගුණයෙන් යුත් කොළ වර්ග ඒ ඒ වසර අනුව වෙනස්වෙමින් යොදා ගැනෙයි.
මෙම වසරේ එහි සිදු කළ යුත්තේ අපේ‍්‍රල් 17 වැනිදා පෙ.ව. 7.40 ටය. මෙවර කොහොඹ පත් ද
තබා පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා මෙවර හිස තෙල් ගෑම
සිදු කළ යුතු ය. මෙම චාරිත්‍රය බොහෝ විට ගමේ විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේලා ගේ
ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන්නකි. මෙකල හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය රටේ
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තෝරාගත් යම් ස්ථානයකදී පැවැත්වීම තුළින් ප්‍රකට
වනුයේ ද මෙම චාරිත්‍රයෙහි ඇති වටිනාකමයි.
සියලු අලුත් අවුරුදු චාරිත්‍ර නිමවා පෙර සේ යළිත් සිය සුපුරුදු රැකී රක්ෂා කටයුතු
සඳහා නික්ම යනුයේ ද සුබ නැකැත් හෝරාවක් තුළ ය. ගෙවී ගිය වසරේදී මෙන්ම ඉදිරි වසරේදී
ද රැකියාව හා සම්බන්ධ සියලු කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම මෙහි අදහස යි. මෙහි දී
පළමුව තෙරුවන් වන්දනා කොට දෙවියන්ට පින් දී නියමිත වර්ණයෙන් යුතු ඇඳුම් ඇඳ රැකියාවට
නික්මයාම සිරිතයි.
මේ වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යා යුත්තේ පළාවන් පැහැති වර්ණ වස්ත්‍රාභරණයෙන්
සැරසී අපේ‍්‍රල් 18 වැනිදා පෙ.ව. 4.52 ට නැගෙනහිර දිසාව බලාගෙන යි.
අද බොහෝ දෙනෙකු ගත කරනුයේ ඉතා කාර්ය බහුල ජීවන රටාවකි. එයින් මොහොතකට මිදී පවුලේ
සාමාජික පිරිස හා අවට ඥාති හිතවතුන් සමඟ නිදහසේ සොම්නසින් කාලය ගත කිරීමට මෙම
අවුරුදු චාරිත්‍ර බෙහෙවින්ම මහෝපකාරි වනු ඇත. අවුරුදු සමයේ සිදුකරගත යුතු තවත් ඉතා
වැදගත් කාර්යයක් නම් අසල්වාසීන් සමඟ යම් සුළු සුළු කරුණු මුල්කරගෙන පවත්නා අසමගි
අමනාපකම් දුරුකර ගැනීම යි. ඒ සඳහා බුලත් අතක් දී ආචාර කිරීමෙන් සුහදතා පල කිරිම
සිදු කළ යුතු ය. එබැවින් පලුදු වී යන සමාජ සබඳතා ගොඩනඟා ගෙන සුහදත්වයෙන් යුතුව
කටයුතු කිරීමට ද මෙම අවුරුදු සමයේ අවස්ථාව උදා වෙයි.
සංස්කෘතික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මකව විමසා බැලූ කල ද ඉතා වටිනා චාරිත්‍ර
ලෙස අවුරුද්ද වෙනුවෙන් නැකතට එකාවන්ව එක්සිත්ව සිදුකරන කණ්ඩායම් ක්‍රියාකාරකම්
පෙන්වාදිය හැකි ය. මුළු රටම එසේ එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය රටට ද මහත්
ආශිර්වාදයක් වනු ඇත. එසේ කරනු වෙනුවට ඇතැම්හු මෙම සත් චාරිත්‍ර බැහැර කරති. හරවත්
සංස්කෘතික අංග කෙරෙහි අනවබෝධයෙන් පසුවන එවැනි විපරීත අදහස් ඇත්තවුන් ගේ ක්‍රියා
පිළිවෙත අපට රටක්, ජාතියක්, වශයෙන් ඉදිරියට යාමට බාධාවක් වෙයි. මෙම අලුත් අවුරුදු
උළෙල ආගමික වටපිටාවක් තුළ ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන ධාර්මික විනෝදයෙන් ගත කිරීමට
ලොකු කුඩා සැවොම අදිටන් කරගත යුතු ය. |