බුදුපිළිමයේ උපත - 89:
සම්බුද්ධ පරිනිර්වාණය
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සිදුවීම් ඉතා සවිස්තරව මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙසේ
සඳහන් වේ.
ඇවැත්නි ආනන්ද කුසිනාරාවට ගොස් මල්ලයන්ට මෙසේ කියන්න. ‘වාසෙට්ඨයෙනි! භාග්‍යවතුන්
වහන්සේ පිරිනිවන් පෑ සේක. යමක් කළ යුතු ද? ඒ සඳහා මේ කාලයයි. එහෙමයි ස්වාමීනි, යැයි
පිළිතුරු දුන් ආනන්ද හාමුදුරුවෝ පෙරවරුයෙහි හැඳපෙරව, පාත්‍ර සිවුරු ගෙන තනිවම
කුසිනාරාවට පිවිසියෝ ය. මේ අවස්ථාවේ මල්ලයෝ කිසියම් කටයුත්තක් සඳහා රැස්වීම් ශාලාවේ
රැස්ව හුන්හ. එතැනට පැමිණි ආනන්ද හාමුදුරුවෝ ‘වාසෙට්ඨයිනි භාග්‍යවතුන් වහන්සේ
පිරිනිවන් පෑ සේක. යමක් කළ යුතුද ඒ සඳහා කාලයයි. දැන්වූහ.
ගන්ධාර සම්ප්‍රදායට අයත් මූර්ති කැටයමකි |
මෙය ඇසූ මල්ලයෝ, මල්ල තරුණයෝ, භාර්යාවෝ දුකින් පීඩාවට පත්වූවෝ ය. දොම්නසට පත් වූවෝ
ය. දුකින් පෙළුණෝ ය. භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවන් පෑ සේක. ලොව ඇස
අතුරුදන් වූ සේක යැයි සමහරු කෙස් ඇද කඩාගෙන විලාප නැඟූහ. දෑත් විසි කරමින් විලාප
නැඟූහ. බිම වැටී පෙරළි පෙරළී විලාප නැඟූහ.
ඉන් අනතුරුව කුසිනාරාවේ මල්ලයෝ එහෙයින් ‘ සගයිනි, කුසිනාරාවේ ඇති සියලු සුවඳ වර්ග
“මල් වර්ග“ තූර්ය භාණ්ඩ රැස්කරන්න යැයි පිරිසට දැන්වූහ. කුසිනාරාවේ මල්ලයෝ ඒ සුවඳ
වර්ග, මල් තූර්ය භාණ්ඩ හා දුහුල් සළු යුගල, පන්සියයක්ද ගෙන මල්ලයන්ගේ උපවර්තන නම්
සල් උයනේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තිබූ ස්ථානයට පැමිණියෝ ය.
ඔවුහු නැටුම්, ගැයුම්, වැයුම් වලින් සුවඳ මලින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට
සලකමින් ගරු කරමින් බුහුමන් කරමින් පුදමින් සේල උඩුවියන් බඳිමින් මණ්ඩප මාළක
පිළියෙල කරමින් එක් දිනක් ගත කළෝ ය.
එවිට මල්ලයන්ට මෙසේ සිතුනි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට ද අද
ඉතා නුසුදුසු වේලාවකි. එහෙයින් අපි හෙට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය
කරමු. අනතුරුව මෙසේ ඔවුන් නැටුම් ගැයුම් වැයුම් මණ්ඩප මාළක පිළියෙල කරමින් දින
හයක්ම ගෙවූහ. සත්වන දින ඔවුනට මෙබඳු අදහසක් ඇති විය. අපි භාග්‍යවතුන් වහන්සේගේ
ශ්‍රී දේහයට නැටුම්, ගැයුම්, වැයුම් වලින් සුවඳින් මලින් සලකමින් ගරු කරමින්
බුහුමන් කරමින්, පුදමින් නුවර දකුණු දෙසින් දකුණු දෙසට වැඩම කරවා නුවරින් එපිට
දකුණු දෙස එම ශ්‍රී දේහය ආදාහනය කරමු.
එසඳ, ප්‍රධාන මල්ලයෝ අට දෙනෙක් ඉස් සෝදා, නා අලුත් වස්ත්‍ර හැඳ අපි භාග්‍යවතුන්
වහන්සේගේ ශ්‍රී දේහය ඔසවාගෙන යමු යැයි උත්සාහ කළ ද, එසේ කිරීමට අපොහොසත් වූහ. එවිට
මල්ලයෝ ඉස් සෝදා නා අලුත් වස්ත්‍ර හැඳ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසවාගෙන
යමුයි උත්සාහ කළ ද, මල්ල අටදෙනාට එසේ කළ නොහැකිවීමට හේතු කාරණා මොනවාද?
ආනන්ද හාමුදුරුවෝ “වාසෙට්ඨයිනි ඔබ සැමගේ කැමැත්ත එකකි. දේවතාවුන්ගේ කැමැත්ත
වෙනෙකකි.” “දේවතාවුන්ගේ කැමැත්ත කුමක්ද? හිමියනි” ඔබ සැමගේ අභිප්‍රාය භාග්‍යවතුන්
වහන්සේගේ ශ්‍රී දේහයට නැටුම්, ගැයුම්, වැයුම් වලින් සුවඳින් මලින් සලකමින් ගරු
කරමින් බුහුමන් කරමින් පුදමින් දකුණු දෙසින් දකුණු දෙසට වැඩම කරවා නුවරින් එපිට
දකුණු දෙස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමට ය. නමුත් දෙවියන්ගේ
කැමැත්ත වන්නේ උන්වහන්සේගේ දේහයට දිව්‍ය නැටුම්, ගැයුම්, වැයුම් වලින් දිව්‍ය
සුවඳින් මලින් සලකමින් ගරු කරමින් බුහුමන් කරමින් පුදමින් උතුරෙන් උතුරට වැඩමවා,
උතුරු දොරටුවෙන් නුවරට ඇතුළු කරවා නුවර මැදට වැඩමවාගෙන ගොස් නැගෙනහිර පිහිටි
මල්ලයන්ගේ දොරටුවෙන් පිටතට වැඩම කරවා නගරයේ නැගෙනහිර දිග ඇති ‘මකුට බන්ධන’ නම්
චෛත්‍ය ස්ථානයේ දී ආදාහනය කිරීමට ය.
“එසේ නම් හිමියනි, දේවතාවුන්ගේ අදහස කුමක් ද එසේම වේවා’ (මහා පරිනිබ්බාන සූත්‍රය –
පරිවර්තනය සනත් නානායක්කාර පි. 98 – 100)
ආදාහන පූජාව කළ මකුටබන්ධන චේතිය මල්ල රජවරු සියල්ලෝම වාසෙට්ඨ ගෝත්‍රයට අයත් වෙති.
ඔවුන්ගේ සරණ බන්ධන සහ ඔටුණු පැළඳවීම් අතිවිශේෂ රාජකීය, උත්සවයන්ට පමණක් යොදා ගනු
ලබන මකුටබන්ධන චේතිය අවසානයේ දී ආදාහන ස්ථානය වශයෙන් තෝරා ගත්හ. (තථාගත ලක්ෂණ
පිරිනිවන සහ කේතුමතී රාජධානිය, සම්පාදක, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි පි.
80 (2005)
කුසිනාරානුවර ඒ සඳහා සැරසුණු අන්දම මෙසේ ය.
එසඳ, මුළු කුසිනාරාවම ගෙවල්වල කැළිකසළ ගොඩගසන තැන් දක්වා දනක් ගැඹුරට මන්දාරව
මල්වලින් ඇතිරී ගියේ ය. ඉක්බිති දේවතාවෝ, කුසිනාරාවේ මල්ලයෝ ද දෙව් මිනිස් නැටුම්,
ගැයුම් වලින් සුවඳින් මලින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයට පුද පුජා පවත්වමින්
ගෞරව කරමින් බුහුමන් කරමින් සිට බුද්ධ ශ්‍රී දේහයන් උතුරෙන් උතුරුදෙසට වැඩමවා උතුරු
දොරටුවෙන් නගරයට පිවිසවා නගරය මැදට වැඩමවා නැගෙනහිර දොරටුවෙන් පිටතට වැඩම කරවා
නගරයේ නැගෙනහිර දිග පිහිටි මල්ලයන්ගේ මකුටබන්ධන නම් චෛත්‍යස්ථානයෙහි තැන්පත් කළෝ ය.
එවිට කුසිනාරාවේ මල්ලයෝ ආනන්ද හිමියන්ට මෙසේ කීහ.
“ආනන්ද හිමියනි! තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් අපි කෙලෙස පිළිපැදිය
යුතු වෙමුද?
“වාසෙට්ඨයිනි! සක්විති රජ කෙනෙකුගේ දේහය සම්බන්ධයෙන් යම් සේ පිළිපදිනු ලැබේද?
තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් ද එසේම පිළිපැදිය යුතු ය.
සක්විති රජෙකුගේ දේහය සම්බන්ධයෙන් කෙසේ නම් පිළිපදිනු ලබන්නේ ද?
“වාසෙට්ඨයිනි, සක්විති රජෙකුගේ දේහය අලුත් වස්ත්‍රයකින් වෙලා ඉන්පසු නෙලූ කපු
පුළුන්වලින් වෙළති. නැවතත් එය අලුත් වස්ත්‍රයකින් වෙළති. මේ අයුරින් මාරුවෙන්
මාරුවට යුගල පන්සියයකින් වෙලා යකඩ තෙල් දෙනක බහා යකඩ දෙණකින් වසා සියලු සුවඳ
දරවලින් සෑයක් සාදා එය දවාලති. සක්විති රජු සඳහා සතර මංසන්ධියක ස්තූපයක් සාදති.
එලෙස ම තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී දේහය සම්බන්ධයෙන් ද පිළිපැදිය යුතු ය. සතර
මංසන්ධියක තථාගතයාණන් වහන්සේ සඳහා ස්තූපයක් සෑදිය යුතු ය. යමෙක් එහි මල් හෝ සුවඳ හෝ
සුවඳ කුඩු හෝ තබා පුදත් නම් සිත පහදවා ගනිත් නම් එය ඔවුන්ගේ දිගු කල් හිතසුව පිණිස
වන්නේ ය.
ඉන්පසුව මල්ල රජදරුවන් විසින් ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව ද එසේ
ක්‍රියා කළ අන්දම මහාපරිනිබ්බාන සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
එවිට මල්ලයෝ ‘සගයිනි එසේ නම් මනාව නෙලූ කපු පුළුන් එකතු කරන්න. යැයි මිනිසුන්ට
දැන්වූහ. ඉනික්බිති කුසිනාරාවේ මල්ලයෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය අලුත්
වස්ත්‍රයකින් වෙලූහ. මනාව නෙලූ කපු පුළුන්වලින් වෙලූහ. නැවතත් අලුත් වස්ත්‍රයකින්
වෙලූහ.මේ ආකාරයෙන් යුගළ පන්සියයකින් වෙළා යකඩ තෙල් දෙණක බහා තවත් යකඩ දෙනකින් වසා
සියලු සුවඳ දරවලින් සෑය තනා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය සෑයට නැංවූහ.
(මහා පරිනිර්වාණ සූත්‍රය, පරිවර්තනය සනත් නානායක්කාර – පි. 102 (1999) බෞද්ධ
සංස්කෘතික මධ්‍යස්ථානය)
|