Print this Article


චිත්තාභ්‍යාස සංවර්ධන පාඨමාලාව ජනවාරි 06 දා ඇරැඹේ

චිත්තාභ්‍යාස සංවර්ධන පාඨමාලාව ජනවාරි 06 දා ඇරැඹේ

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක උතුරාවල ධම්මරතන හිමියන්ගේ මූලිකත්වයෙන් 2018 වසර සඳහා චිත්තාභ්‍යාස සංවර්ධන පුහුණු පාඨමාලාව ජනවාරී 06 දා ඇරැඹේ.

සෑම මසකම පළමු සෙනසුරාදා දිනක ම පෙරවරු 8.00 සිට 01.00 දක්වා කැලණිය, හිඹුටුවැල්ගොඩ, සුදර්ශන මාවතේ, අංක 737/1, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී මෙම පාඨමාලාව පුරා වසරක් නොමිලයේ පැවැත්වේ. ගිහි පැවිදි ඕනෑ ම අයෙකුට ඊට සහභාගි විය හැකි බව එම ‘චිත්තාභ්‍යාස පාලක සභාව‘ දන්වා සිටියි.