Print this Article


මිහින්තලේ කප්රුක් පූජාවත් සමඟ ගිරි භණ්ඩ පූජාවක් මෙවරත්

මිහින්තලේ කප්රුක් පූජාවත් සමඟ ගිරි භණ්ඩ පූජාවක් මෙවරත්

දායකත්වයටත් අවස්ථාවක්

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නිධන් කර ඉදිකරන ලද “මිහින්තලේ මහා සෑයට” ගිරිභණ්ඩ පූජාවක් මහාදාඨික මහානාග රජතුමා විසින් පවත්වා ඇත. මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමත් සමඟ ඉකුත් ජනවාරි (දුරුතු පෝදා) ගිරිභණ්ඩ පූජා පින්කමක් පැවැත්විණි. දෙවන වරටත් මහා සෑයට ගිරි භණ්ඩ පූජාවත් සමඟ ලේක්හවුස් ආයතනයේ මූලිකත්වයෙන් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම සිදුකරන කප්රුක් පූජාවත් මිහින්තලා රාජමහා විහාරාධිපති, වළවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි 2018 ජනවාරි 01 වන දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බව හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ උඩකැන්දවල චන්දවිමල නා හිමියෝ පවසති.

එදින සීල සමාදාන පින්කමක් ද පවත්වන බැවින් එයට සහභාගි වන පිරිස පහත සඳහන් දුරකථන අංකයෙන් දැනුම් දෙන්නැයි ද දානය පිළියෙල කර ගැනීමේ පහසුව සඳහා සිල් සමාදන් වන පිරිස පිඟානක් සහ කෝප්පයක් සහ වාඩිවීම සඳහා පැදුරක් හෝ ඉටි රෙද්දක් රැගෙන එන ලෙසත් ඉල්ලීමක් කෙරේ. දුරකතන අංක 0726070467,0727070467 වේ. එදින වැඩසටහන මෙසේය.

උදෑසන 5.30 ට අටසිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීමත් උදෑසන 6.15 ට හීල් දානය පිරිනැමීම ද, උදෑසන 7.30 සිට දවල් 10.30 භාවනා කිරීම හා ධර්ම සාකච්ඡාද, දවල් 10.30 සිට 11.00 සම්බුද්ධ පූජාව, 11.00-12.00 දානය පිරිනැමීම , 1.00 සිට 2.00 පිරිත් දේශනාව පසවරු 2.30 සිට කප්රුක් පෙරහර මිහින්තලය සාංචි විහාරයේ සිට මහසෑය දක්වා 3.15 ට කප්රුක් පූජාව සහ ගිරිභණ්ඩ පූජාව පැවැත්වේ. ගිරිභණ්ඩ පූජාව සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ පිරිනැමීමෙන් පරිත්‍යාගශීලින්ටද දායක විය හැකි බව චන්දවිමල නාහිමියෝ පවසති. එදින පාසල් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමටද අපේක්ෂා කෙරේ. ඒ සඳහා ඔබ පරිත්‍යාග කරන පාසල් උපකරණ වෙතොත් ඉහත සඳහන් දුරකථන අංකවලින් දැනුම් දෙන්නැයි චන්දවිමල නා හිමියෝ ඉල්ලීමක් කරති. තවද එදින කුරුණෑගල අලව්ව සිංහ සමාජය මගින් ඇස් කණ්ණාඩි ද පරිත්‍යාග කරනු ලැබේ.