Print this Article


දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ 103 වන ජන්ම සමරුවට පින්කම්

දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ 103 වන ජන්ම සමරුවට පින්කම්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමියන්ගේ 103 වන ජන්ම සමරුව නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ දී මෙම 31 වන දා සපිරිකර සංඝගත දක්ෂිණාවක් හා බෝධි පූජාමය පින්කමක් සිදු කෙරේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, දොඩම්පහළ චන්දසිරි මහා නා හිමි, ගිරාඹේ මංගල මහා නා හිමි ඇතුළු මහ සඟරුවන එම පින්කමට වැඩම කෙරෙන අතර මහ මෙව්නාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කෙරේ.