Print this Article


ඇත්තිලිගොඩ දහම් පාසලේ ලේ දන්දීමේ පින්කම 19 දා

ඇත්තිලිගොඩ දහම් පාසලේ ලේ දන්දීමේ පින්කම 19 දා

ගාල්ල ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම දහම් පාසලේ 50 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ලේ දන් දීමේ පින්කම දෙසැම්බර් මස 19 වන දා දවස පුරා ඇත්තිලිගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාමස්ථ දම්නද මැදුරේ දී පැවැත්වේ.

දහම් පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූ වත්මන් විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී හීනටිගල පියනන්ද නා හිමියන්ගේ 78 වන ජන්ම දිනයට සමගාමීව ලේ දන්දීමේ පින්කම සංවිධානය කර ඇත.

ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති නාඔටුන්නේ නන්දරතන හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය හා මවුපිය අනුකමිටුව පින්කම සංවිධානය කර තිබේ.