Print this Article


හඟුරන්කෙත සද්ධානන්ද නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්

හඟුරන්කෙත සද්ධානන්ද නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්

පාතහේවාහැට ප්‍රාදේශීය සහ මහනුවර දිසා ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි වශයෙන් දශක දෙකකට අධික කාලයක් සේවය කළ තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය, තලාතුඔය බුටාවත්ත පුරාණ විහාරද්වයාධිපති ශාසනකීර්ති ශ්‍රී ධර්ම ලෝකාර්ථචාරි හඟුරන්කෙත සද්ධානන්ද නා හිමියන්ගේ 65 වන ජන්ම දිනය නිමිත්තෙන් දිගාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහනක් ශ්‍රී සද්ධර්මාරාමයේදී මෙම 22 වනදා පැවැත්වේ. තලාතුඔය වැඩිහිටි නිවාසයේදී සමාජ සත්කාර වැඩසටහනක් ද පැවැත්වීම ට නියමිත ය.

සිය ජීවිතයේ දශක තුනකට අධික කාලයක් දහම් අධ්‍යාපනය සඳහා දහම් පාසල් තුළින් උසස් සේවාවක් ඉටු කර ඇති සද්ධානන්ද නා හිමියෝ දහම් පාසල් සමස්ත ලංකා මට්ටමෙන් තරගවලදී සම්මාන ලබා ගැනීමට ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල මට්ටමෙන් කටයුතු කර එහි උසස් ප්‍රතිඵල හිමිකර ගෙන ඇත.

ශ්‍රී සද්ධර්මාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කර ඇති සද්ධානන්ද නා හිමියෝ බුටාවත්ත පුරාණ විහාරය වැඩි දියුණු කර ඇත.