Print this Article


පහන් සිතක කවි

 

භව දුකෙන් මිදෙනවා

මරණයට බිය වුණත් නැතත් අපි මැරෙනවා
සිතන අය ඒ අනුව ජීවිතය ගෙවනවා
අරි අටඟි මගට අනුගත ව පිය මනිනවා
මෙවැනි අය ඝොර බිරම් සසර ගිනි නිවනවා

මෙම දහම් හද සිතට සිසිල ගුණ ගෙනෙනවා
එම බලෙන් දිග සුසුම් සමඟ සිත නිවනවා
දොර තුනෙන් සංවරව ජීවිතය ගෙවනවා
සිත නිවන් දකින විට භව දුකෙන් මිදෙනවා


ජීවන ගමන

මිනිසා ඉපිද හැඩි දැඩි වුණ දිනේ සිට
දෙපයින් ගමන් යයි සිය වැඩ කෙරී මට
එනමුදු සොබා දහමින් වන පෙරළිය ට
ඒ හැම වෙනස් වනවා නො සිතුව ලෙස ට

හිස මත තබාගෙන ඉසිකෝ මද මානේ
මිනිසා යෙදෙයි දුසිරිතෙ දින දින ගානේ
කෙලෙසක සිදුවෙයිද දිවි මගෙ අව සානේ
පිළිබඳ කිසිවකුට නිසි වැටහුම නෑනේ


සය දොර අරමුණු හැර

ඇස කන නැහැය දිව කය සහ සිරුර සිත
රුව හඬ සුවඳ රස පහසද දහම වෙත
අනිත දුක අතත යන තිලකුණකි මිත
දැනෙති මේ කයෙහි කිසි හරයක් නොමැත

දකිනු මැන දහම යනු පිළිවෙළක් මත
දකිනු සිත සමඟ තුන්දොර දහම මත
පුරනු පිළිවෙතම වෙයි සිත සමහිත
හරිනු මෙම සසර දොස දුරු කරනු ඇත


එක පහන් දැල්ලක

එළියෙන් දකිමි මුනිඳුන්
කුමට ද?
අසූ හාර දහසක්