Print this Article


ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 10 දා

ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 10 දා

ගල්කිස්ස, වටරප්පල පාර, බෞද්ධායතන ධර්ම විද්‍යාලයෙහි 2016 වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස 10 දින විදුහල්පති දිවියාගහ යසස්සි නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. සිසුන් දහසක් පමණ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන එම ධර්ම විද්‍යාලයෙහි කණිෂ්ඨ අංශයේ ත්‍යාග ප්‍රදානය ගල්කිස්ස, වටරප්පල පාරේ පදිංචි ඉංජිනේරු චමත් ද සිල්වා මහතා සහ එම මහත්මියගේ අනුග්‍රහයෙන් එදින පෙරවරු 8.30 සිට පැවැත්වේ. මෙම උත්සවයේ මුලසුන වැල්ලවත්ත සාම විහාරාධිපති ශාස්ත්‍රපති අතපත්තුකන්දේ ආනන්ද නා හිමියන් උසුලති.

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පති මානෙල් ප්‍රනාන්දු මහත්මිය විශේෂ ආරාධිතයෙකු වශයෙන් ඊට සහභාගි වෙයි.

පස්වරු 2.30 ට ආරම්භ කෙරෙන ජ්‍යෙෂ්ඨ අංශයේ ත්‍යාග ප්‍රදානය දෙහිවල, කර්නල් සුමුදු රාජපක්ෂ මාවතේ පදිංචි විසල් වික්‍රමරත්න මහතා සහ එම මහත්මියගේ අනුග්‍රහයෙන් සිදු කෙරේ. එහි මුලසුන නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපති, හෝකන්දර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති කොටගම වාචිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ උසුලති. එම අවස්ථාවට සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වේ.