Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්...

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්...

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉකුත් උඳුවප් පුර පසළොස්වක පෝදා (03) මිහින්තලා පුදබිමේදී පැවැත්විණි.

මිහින්තලා මහ සෑ රදුන් වහන්සේට කංචුක පැළඳවීම සඳහා තම මවුපියවරුන්, ඤාතිමිත්‍රාදීන් ඒකරාශි කර ගනිමින් අලංකාර සුදුයකඩ පියගැට පෙළක් 2016 උඳුවප් පෝදා පූජා කරන ලද දායක පිරිස මෙවර කප්රුක් පූජාවේ දායකත්වය දැරූහ.

එම පියගැට පෙළ පූජාකර වසරක් සපිරීම නිමිත්තෙන් හෙයියන්තුඩුවේ පදිංචි ශමීර පි‍්‍රයංකරගේ, කසුන් සියඹලාගොඩ මීගහවත්තේ පදිංචි කපිල ඉන්ද්‍රජිත් ,කැලණියේ පදිංචි අතුල සම්පත්, වත්තල අනුර තේජාන් ඇතුළු කලණ මිතුරන් තම මවුපියවරු සහ ඤාතිමිත්‍රාදීන් සිහිකර පින්කම සිදු කෙරිණි.

එහිදී සුරුක්කුලමේ ඉන්දරතන හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.