Print this Article


ශ්‍රී ලංකා වන්දනා චාරිකා සංවිධාන 2018 වසරට ලියාපදිංචි කිරීමේ කටයුතු ඇරඹේ

ශ්‍රී ලංකා වන්දනා චාරිකා සංවිධාන

2018 වසරට ලියාපදිංචි කිරීමේ කටයුතු ඇරඹේ

ඉන්දියාවේ සහ නේපාලයේ සංචාර සංවිධානය කරන ශ්‍රී ලාංකික වන්දනා චාරිකා සංවිධාන 2018 වසර සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව බුද්ධශාසන අමාත්‍යාංශය කියයි. ඒ අනුව සුදුසුකම් සපුරා ඇති 2018 වසර සඳහා ලියාපදිංචි වීමට උනන්දුවක් දක්වන වන්දනා චාරිකා සංවිධාන සඳහා අදාළ අයදුම්පත් බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ලබාගත හැකි වේ. නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2017.12.15 දින දක්වා භාර ගනු ලබන අතර 2018 වසර සඳහා ලියාපදිංචි කරනු ලබන වන්දනා චාරිකා සංවිධාන වෙත ඒ බව ලිඛිතව දන්වන බව ද එම අමාත්‍යාංශය කියයි.

තවද දඹදිව වන්දනා චාරිකා සංවිධාන ආයතන මඟින් 2017 වර්ෂයේ දඹදිව වන්දනා චාරිකා සිදුකිරීම සඳහා පිටත්ව ගිය බැතිමතුන්ට තමන් රැගෙනගිය දඹදිව වන්දනා චාරිකා සංවිධාන ආයතන සම්බන්ධයෙන් අදහස් හා පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇත්නම් ඒවා ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට හෝ ෆැක්ස් මඟින් 2017.12.31 දිනට පෙර යොමු කරන ලෙස ද දන්වා සිටියි. දුරකථන අංක කාර්යාල – 0112307674/ 0112307694, ලේකම් 0112307430 – 0112307406, අතිරේක ලේකම් (පාලන) 0112307690 ෆැක්ස් 0112307688, ලිපිනය- ලේකම්, බුද්ධශාසන අමාත්‍යාංශය, නො. 135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07