රඹුක්වැල්ලේ දේවානන්ද නා හිමි
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී
සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව
විසින් ජර්මනියේ බර්ලින්නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී
සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවෙනස්ථානයේ අධිපති ශාස්ත්‍රපති
රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් වෙත “සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ෂිත භාෂාන්තර
විශාරද” යන ගෞරව නාමය සහිතව “ජර්මනියේ සමථ බලසම්පන්න ප්‍රධාන සංඝනායක පදවිය”
පිරිනමා තිබේ. රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් පුරා වසර විසි පහක් තිස්සේ
ජර්මනිය ප්‍රධානකොට යුරෝපය ඇතුළු දේශීය හා විදේශීය වශයෙන් සිදු කරන ලද ජාතික,
ආගමික, සමාජයීය හා ශාස්ත්‍රීය සේවාවට උපහාරයක් වශයෙන් උන්වහන්සේ වෙත එම පදවිය
පිරිනමා ඇත.
මහනුවර තෙල්දෙණිය රඹුක්වැල්ලේ පදිංචිව සිට පරලෝසැපත් දිසානායක මුදියන්සේලාගේ පුංචි
බණ්ඩා දිසානායක නිළමෙතුමන්ගේ හා කුලසේකර මුදියන්සේලාගේ පුංචිමහත්තයා යන දෙපළගේ පුත්
රුවනක් වූ මේ හිමියන් පැවිදි බිමට පත්වීමට පෙර තෙල්දෙණිය දුම්බර මහා විද්‍යාලයෙන්
මූලික අධ්‍යාපනය ලබා පසුව ගම්පහ දොරණෑගොඩ සදානන්ද මහ පිරිවෙනස්ථානයට ඇතුළත්ව 1976
දී එවකට දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ
පරිවෙනාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත
පඤ්ඤාසාරාභිධාන සීනාදී සිව් කෝරළයේ විශේෂ අධිකරණ සමථ බලසම්පන්න ප්‍රධාන සංඝනායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා තත්ශිෂ්‍ය එම විහාරාධිපති හා සදානන්ද මහ පිරිවෙනේ
අධ්‍යක්ෂකව වැඩ සිට අපවත්වී වදාළ කුරුකොහොගම ශ්‍රී බුද්ධරක්ෂිත ජිනානන්දාභිධාන නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට ඇතුළත් විය.
1984 දී ප්‍රාචීන විභාගය සමත් වූ උන්වහන්සේ එම වර්ෂයේදීම අ.පො.ස. උසස් පෙළ විභාගය
සමත්ව 1985 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. 1985 දී මහනුවර මල්වතු
මහාවිහාරීය උපෝෂථාගාරයේ දී උපසම්පදාව ලබාගත් උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්
සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය හදාරා 1990 දී පවත්වනු ලැබූ එම උපාධි පරීක්ෂණයෙන්
කලාතුරකින් ලැබිය හැකි (ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක්) (ට්ඥදඥපචත ජ්ඪපඵබ ඛ්තචඵඵ)
දිනාගත්හ.
අනතුරුව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් උන්වහන්සේ එවකට
කොළඹ ජර්මන් ධර්ම දූත සංගමයේ සභාපති වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති
වූද දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ලේකම් වූ ද, ඇම්.ජේ.
පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව 1992 ජර්මනියේ
බර්ලින් විහාරයට වැඩම කර විදේශීය ධර්මදූත සේවාවට එක්වූහ. 1994 සිට 1998 දක්වා
බර්ලින් විහාරාධිපතිත්වය දැරූ උන්වහන්සේ ජර්මන් ජාතික බෞද්ධයන්ගේ අනුග්‍රහයෙන් වසර
2000 දී බර්ලින්නුවර ශ්‍රී සම්බෝධි විහාරය නමින් විහාරස්ථානයක් ආරම්භ කළහ.
සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි හා ජර්මන් භාෂාවන් පිළිබඳ පෘථුල අවබෝධයක් ඇති
උන්වහන්සේ ජර්මන් භාෂාව චතුර ලෙස හසුරුවමින් එම භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ලිපි
ලියන ප්‍රවීණ පුවත්පත් ලේඛකයෙක් ද වෙති. 1994 දී යුරෝපා මහා බෞද්ධ සම්මේලනය
බර්ලින්නුවර පැවැත්වීම, ජර්මනියේ හිට්ලර් විසින් අරඹන ලද දෙවන ලෝක සංග්‍රාමයේ දී
ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මියගොස් වසර 50 ක් පිරීම නිමිති කරගෙන 1994 දී ජර්මනියේ
හිටපු ජනාධිපති ආචාර්ය රිචර්ඩ් ෆෝන් වෛසේකර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය
නායකයන්ගේ හා ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බර්ලින්නුවර පිහිටි ජර්මන්
පාර්ලිමේන්තුවේ දී 1994.05.30 දින පැවැති ගුණානුස්මරණ උත්සවයේ දී බුදුදහම වෙනුවෙන්
ජර්මන් භාෂාවෙන් දේශනයක් රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන් විසින් පැවැත්වීම සුවිශේෂි
සිදුවීමක් වූ අතර එය බෞද්ධ භික්ෂුවක් විසින් ජර්මන් පාර්ලිමේන්තුවේ පවත්වනු ලැබූ
ප්‍රථම හා එකම දේශනය ද වේ.
2002 ඔක්තෝබර් මස 12, 13 යන දෙදින තුළ ප්‍රථම වතාවට ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී
සර්වඥධාතු ප්‍රදර්ශනයක් සංවිධානය කළ අතර එම සර්වඥ ධාතූන් වහන්සේලා ස්‍යාමෝපාලි
වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ මහානායක ධුරන්ධරව වැඩ විසූ රඹුක්වැල්ලේ ශ්‍රී
විපස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, තායිලන්තයේ සංඝරාජයාණන් වහන්සේ සහ බුරුමයේ
සංඝරාජයාණන් වහන්සේලා විසින් ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චෛත්‍යයක් තනවා
නිධන් කිරීම සඳහා පරිත්‍යාගකොට තිබුණි. මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය රඹුක්වැල්ලේ
දේවානන්ද හිමියන් විසින් බර්ලින්නුවර අනෙකුත් බෞද්ධ විහාරස්ථානත් සම්බන්ධකොට ගෙන
සංවිධානය කළ අතර ඒ සඳහා 8500 ක පමණ ජර්මන් ජාතික බැතිමතුන් ඇතුළු විශාල පිරිසක්
සහභාගී වූ අතර මෙම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කිරීම නිමිති කරගෙන රඹුක්වැල්ලේ
දේවානන්ද හිමියන් තායිලන්තයේ සංඝරාජයාණන් වහන්සේ වෙතින් ද උපහාර තිළිණයකින් පිදුම්
ලැබූහ.
ජර්මනියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන
රඹුක්වැල්ලේ දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැන උගත් ශිෂ්‍යයන් පිරිසක් ද
බිහිකර ඇති අතර එම ශිෂ්‍යයන් ද දෙස් විදෙස් වශයෙන් ධර්ම සේවාවන්හි යෙදී සිටී.
පසුගිය වසර 25 තුළ රඹුක්වැල්ලේ දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින්
ථෙරවාදී බෞද්ධයන් බවට පත්වී බුදුදහම, භාවනාව, පාලි හා සිංහල භාෂාවන් ඉගෙනගත් අති
විශාල ජර්මන් ජාතික පිරිසක් ද වෙති.
උඩුගම්පොළ සමූහ
එල්. ඩබ්. ආරියරත්න
අලුත්ගම ධම්මානන්ද නා හිමි
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විංශත් වර්ගික
කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අලුත්ගම
ශ්‍රී ධම්මරක්ෂිත ධර්මකීර්ති ශ්‍රී පියදස්සී ධම්මානන්ද මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ නොවැම්බර් මස 22 වෙනිදාට යෙදී තිබුණි. එකසිය තුන්වෙනි (103) ජන්මෝත්සවය
නිමිත්තෙන් නාහිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහන් මාලාවක් සිදු
කිරීමට මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, සංඝරාජ දහම් පාසල,
සංඝරාජ ගුණානුස්මරණ කාන්තා සමිතිය ප්‍රධාන බෞද්ධ සමිති විධි විධාන යොදා තිබුණි.
දශක අටකට අධික කාලයක් මහනුවර බෞද්ධ සමිති සහ විවිධ සමාජ සත්කාර සංවිධානවල
අනුශාසකත්වය දරමින් ශාසනික හා ආගමික කටයුතුවල නිරත, උපසම්පදාවෙන් හැත්තෑ දශකය සපුරා
සිටින අලුත්ගම, ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා ද්වීපයේ උපසම්පදාව
පිහිටුවා වදාළ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ උදාර ශාසනික සේවය
අනුස්මරණය කරමින් මල්වතු මහා විහාරය කේන්ද්‍රස්ථානය කරගෙන මෙවර 71 වෙනි වතාවටත්
සංඝරාජ ගුණානුස්මරණ සංඝරාජ පෙරහරත්, 74 වෙනි සංඝරාජ ගුණානුස්මරණ පින්කමත් පවත්වා
සංඝරාජ මාහිමිපාණන්ගේ ආගමික, ශාසනික, ජාතික ශ්‍රේෂ්ඨත්වය ගුණානුස්මරණය කළ අතර අනාගත
පරපුර වෙනුවෙන් මහනුවර ධර්මරාජ දහම් පාසල, බෝගම්බර බන්ධනාගාර දහම් පාසල සහ මල්වතු
මහා විහාරයීය සංඝරාජ දහම් පාසල ආරම්භ කර ඇත. සංඝරාජ දහම් පාසලේ දශක පහකට අධික
කාලයක් ප්‍රධානාචාර්ය වශයෙන්ද එහි වත්මන් අනුශාසක වශයෙන් ද ධම්මානන්ද නාහිමිපාණන්
වහන්සේ කටයුතු කරයි. මහනුවර බෞද්ධ සමිති සමාගම් හා ආගමික හා ජාතික සංවිධානවල
අනුශාසකත්වය දරමින් උදාර ආගමික, ජාතික, ශාසනික සේවාවක් ඉටුකරන මහෝපාධ්‍යාය අලුත්ගම,
ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේට ශ්‍රී දළදා සමිඳු ආශිර්වාදයෙන් නිරෝගි භාවය ලැබේවා
කේ. බණ්ඩාරනායක
කපුගම්පොත
ඤාණානන්ද හිමි
හම්බන්තොට වීරකැටිය කපුගම්පොත ග්‍රාමයේ ජාලත් ගේ ජේමිස් පියාණන්ට සහ හෙට්ටි
ආරච්චිගේ (හීන්) හීන් හාමිනේ මෑණියන්ට දාව 1959 දෙසැම්බර් මස 4 වැනි දා මෙලොව එළිය
දුටු පින්වත් කුමරා ජාලත්ගේ පියසේන නම් විය.
මවුපියන්ගේ ආශිර්වාදය ලැබ 1971 දී අලව්ව පඹදෙනිය හබ්බෙලිකන්ද ආරාණ්‍ය සේනාසනයේ දී
කපුගම්පොත ඤාණානන්ද නමින් පැවිදි විය. කුලියාපිටිය අස්වැද්දුම සම්බුද්ධාලෝක
විහාරස්ථ පිරිවෙනින් ද පානදුර සෞගත විද්‍යාල පිරිවෙනින් ද මූලික අධ්‍යාපනය ලැබුහ.
අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ කොළඹ දිසාවේ ප්‍රධාන
අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පුවක්පිටියේ මෙත්තානන්ද නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක්
වශයෙන් 1974 දී අළුබෝමුල්ල ශ්‍රී මෙත්තාරාමයට වැඩම කළහ. 1986 ජූනි මස 18 වෙනි දින
මොරකොල ගංගාරාම විහාරස්ථානයේ උදකුක්ඛේප සීමාමාලකයේ දී අමරපුර සිරි සද්ධර්ම යුක්තික
මහා නිකායේ මහානායක ධුරන්දර මාමඩවිල පඤ්ඤාරංසි මහානා හිමිපාණන් වහන්සේ වෙතින්
උපසම්පදාව ලබන ලදී.
ප්‍රදේශයේ දරු දැරියන්ගේ ආගමික දැනුම වැඩිදියුණු කිරීමට දහම් පාසල නැවතත් ආරම්භ කරන
ලදී. ඉතා කෙටි කලක් තුළ විහාරස්ථානය සියලුම විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ කළහ.
නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසු විහාරාධිපති ලෙස විහාරස්ථානයට, ගමට, රටට
ආදර්ශමත්ව කටයුතු කෙරේ. කපුගම්පොත නාහිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
විහාරස්ථ දායක සභාවේ ලේකම්,
කේ.ඩී. අමිත් වසන්ත |