Print this Article


පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ වාර්ෂික පෙරහර මෙවරත්

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ වාර්ෂික පෙරහර මෙවරත්

පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ ශ්‍රී මහා විහාර බෞද්ධ මහා සංගමය මෙහෙයවීමෙන් වාර්ෂික පානදුර මහා පෙරහර මෙවර සිදු කරන්නේ 15 වන වරටය.

ධාතූන් වහන්සේ පෙරටු කොටගත් සම්බුදු පෙරහර සමඟ විෂ්ණු, කතරගම, සමන්, නාථ, ගණ දෙවි, දැඩි මුණ්ඩ, දෙවොල්, ගම්භාර, පත්තිනි, ශ්‍රී ලක්ෂ්මි, භද්‍රකාලි යන දේවාල 11 කින් සමන්විත පානදුරා මහා පෙරහරට අලි ඇතුන් 20 කට වැඩි ප්‍රමාණයක් හා සාම්ප්‍රදායික නර්තනාංග ගණනාවකින් යුක්තව පෙරහර අලංකාර කෙරේ. එම පෙරහරට සමගාමීව පරිවාර පින්කම් ද සිදු කෙරේ.

දෙසැම්බර් 15 වන දා සිරි මහා වෙහෙර සෑ රජුන්ට පූජා කරන අඩි 225 ක් දිගැති කප්රුක් පූජාව, 16 වන දා සවස 3.00 ට සර්ව රාත්‍රික පිරිත් දේශනාව, සවස 4.00 ට නානුමුර මංගල්‍ය රාත්‍රී 12.00 ට විෂ්ණු දෙවිඳු ප්‍රධාන කතරගම, සමන්, නාථ, ගණ දෙවි, දැඩිමුණ්ඩ, දෙවොල්, ගම්භාර, පත්තිනි, ශ්‍රී ලක්ෂ්මි, භද්‍රකාලී යන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රතිමා පිරිත් පැනින් නහවා අලුයම 05.00 ට සළුපිළි ආභරණ පැළැන්දවීම, කිරි මව්වරුන් 108 දෙනෙකු උදෙසා කිරි දානය, 17 වන දා අර්ධ ශතාධික මහා සාංඝික දානය 15 වන දා විශේෂ ධර්ම දේශනාව, 20 වන දා පෙරහර සාර්ථක කර ගැනීමේ ආශිර්වාද පඬුරු පෙරහර, 21 වන දා මල් පෙරහර, 22 පාඩාව පෙරහර 23 පානදුරා මහා පෙරහර වීදී සංචාරය කිරීම, 24 දිය කැපීමේ මහා මංගල්‍යය පැවැත්වේ.