Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම උඳුවප් පෝදා මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම

උඳුවප් පෝදා මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම උඳුවප් පෝදා පස්වරුවේ මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලබන්නේ මිහින්තලා මහ සෑ රදුන් වහන්සේට කංචුක පැළඳවීම සඳහා තම මව්පියවරුන්, ඤාති මිත්‍රාදීන් ඒකරාශී කර ගනිමින් අලංකාර සුදු, යකඩ පිය ගැට පෙළක් 2016 උඳුවප් පෝදා පූජා කරන ලද පින්වත් දායක පිරිස විසිනි. එම මහඟු පින්කමට වසරක් සපිරීම නිමිත්තෙන් හෙයියන්තුඩුවේ පදිංචි ශමීර පි‍්‍රයංකරගේ, කසුන් සියඹලාගොඩ, මීගහවත්තේ පදිංචි කපිල ඉන්ද්‍රජිත්, කැලණියේ පදිංචි අතුල සම්පත්, වත්තල අනුර තේජාන් ඇතුළු කලණ මිතුරන් තම මව්පියවරු සහ ඤාතිමිත්‍රාදීන් සිහිකර පින් පැමිණවීම සඳහා ය. අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා 40 නමක් සඳහා අභ්‍යාස පොත් එහිදී පිරිනැමීමට ද නියමිත ය.