ලෝක උරුමයක් වූ අජන්තා ලෙන්
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වූ අප බොහෝවිට ඉන්දියාවට හෙවත් දඹදිවට යන්නේ
වන්දනාකරුවන් වශයෙනි. එසේ යන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හෙවත් උතුරු ප්‍රාන්තයට
ය. බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය, ප්‍රථම ධර්ම දේශනාව දෙසූ ස්ථානය හා
පිරිනිවීම යන සතර මහා සිදුවීම් සිදු වූ ස්ථානයන් සියැසින් දැක බලා, පහන් සංවේගය
උපදවා ගැනීමට යි. මෙසේ මෙම ‘සතර ස්ථාන’ වැඳ පුදා ගන්නා ඔවුහු ඇතැම්විට සැවැත් නුවර,
සංකස්සපුර, රජගහ නුවර හා වෛශාලියට ගොස් වන්දනා කරයි.
මේ බොහෝ දෙනෙක්, වාරාණාසි, බරණැස, බුද්ධගයා, බිහාර්, ලුම්බිණි, නේපාලය සහ කුසිනාරා,
කුසිනාගර් ආදී ස්ථානවලට ගොස් ඒවායි පිහිටි මහාබෝධි සමාගමේ විහාර ස්ථානවල නවාතැන්
ගෙන අනගාරික ධර්මපාලතුමන්ට කෘතවේදීව වැඩ වාසය කරන ශ්‍රී ලාංකික බුද්ධ පුත්‍රයාණන්
වහන්සේලාට දානය, සෙසු පිරිකර පූජා කොට, නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන අය වෙති.
මෙම බොහෝ දෙනෙක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ බෞද්ධ ජනතාව වෙසෙන බවත් නො
දනිති. ඉඳහිට, පෞද්ගලික වන්දනාකරුවන් මහාරාෂ්ට්‍රයට යන්නේ ද ලෝක ප්‍රසිද්ධ අජන්තා
බිතු සිතුවම් නැරඹීමට යි. අජන්තා බිතු සිතුවම් සහිත අජන්තා ලෙන පිහිටා තිබෙන්නේ
‘ඕරන්ගාබාද්’ ප්‍රදේශයේ ය. එය මහාරාෂ්ට්‍රයට අයත් එක් දිස්ත්‍රික්කයකි.
‘සීගිරි බිතු සිතුවම් වලට අතිශයින් ම සමාන වන මෙම බිතු සිතුවම් එකම චිත්‍ර
ශිල්පියෙකු සේ සුරතින් නිර්මාණ වූවා හෝ දෝයි සිතෙන තරමටම සමාන බවක් දක්වයි. එම
චිත්‍රවලින් ‘බුද්ධ චරිතය’ හා නොයෙක් ජාතක කතා ‘නිරූපණය’ කර ඇති බව පෙනේ. මෙම බොහෝ
සිතුවම් මේ වන විට අභාවයට යමින් පවතින අතර, එහි සංරක්ෂණ කටයුතු සඳහා ජපන් රජය
ඉදිරිපත්ව ඇත. ‘අජන්තා ලෙන්’ රැක ගැනීම ඉන්දීය රජයේ මෙන්ම සකළ ලෝක බෞද්ධ ජනතාවගේ ම
යුතුකමක් බව අපගේ හැඟීම යි.
දඹදිව සංචාරයකින් පසු
මහරගම උප්පලවණ්ණා මෙහෙණින් වහන්සේ |