Print this Article


සත්වන ලෝක බෞද්ධ මහා සමුළුවට සහභාගී වූ  දූත පිරිසක්  දළදා සමිඳුන් වැඳපුදා ගනී

සත්වන ලෝක බෞද්ධ මහා සමුළුවට සහභාගී වූ  දූත පිරිසක්  දළදා සමිඳුන් වැඳපුදා ගනී

ශ්‍රී ලංකාවේ පැවැති සත්වන ලෝක බෞද්ධ මහා සමුළුව සඳහා සහභාගී වූ එම සමුළුවේ උත්තරීතර උපදේශක ආචාර්ය කියුස් එන්ෂින්ජෝ ((Dr . Kyuse Enshinjoh) ) හිමිපාණන් වහන්සේ ඇතුළු දූත පිරිසක් ඉකුත් දා (07) මහනුවර සංචාරයක නිරත වූ අතර දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු එම පිරිස පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීමට ද ගියහ.

ආචාර්ය කියුස් එන්ෂින්ජෝ හිමියන් උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ දී මුරුත පැලයක් රෝපණය කළහ. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන, පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.