Print this Article


දඹදිව බුද්ධගයාවේ කඨින චීවර පූජා උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි

දඹදිව බුද්ධගයාවේ කඨින චීවර පූජා උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි

දඹදිව බුද්ධගයාවේ කඨින චීවර පූජා උත්සවය පසුගියදා තෙදිනක් මුළුල්ලේ අති උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි. ඉන්දීය මහාබෝධි සමාගමේ මහ ලේකම් ශාස්ත්‍රපති පැලවත්තේ සීවලී නාහිමියන් සහ බුද්ධගයා මහා විහාරයේ මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිටකෝට්ටේ එපිටමුල්ලේ පාරේ පදිංචි සමන්ති විමලසේන, ප්‍රසන්න විමලසේන මහත්ම මහත්මීන්ගේ සහ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් එම පින්කම සිදු කෙරිණි.

මහා බෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ගුණානුස්මරණය ද සිදු කෙරුණ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු දායක දායිකාවන් විශාල පිරිසක් බුද්ධගයා කඨින චීවර පෙරහරට සහභාගී වූහ.