Print this Article


සදහම් අරණ

සදහම් අරණ
 

ළමා සමාජයේ සාමාජිකයෝ

118. බද්දේගම – ක්‍රිස්තුදේව පිරිමි විදුහලේ
9 ශ්‍රේණිය,
මොවිදු ලෝචන විතානාච්චි

119. ගම්පහ – පද්මාවතී මහා විදුහලේ
9 ශ්‍රේණිය,
කේ.එච්.වක්ෂලා ඒකාංගනී

120. ඇල්ලලමුල්ල – ශ්‍රී සීලානන්ද දහම් පාසලේ
7 ශ්‍රේණිය,
කේ.වී.ඒ.යු. සෙත්මිණි

121. කළුතර ගලපාත – ශ්‍රී සද්ධාරාම දහම් පාසලේ
5 ශ්‍රේණිය,
එච්.ඩබ්.දිනිඳු සමරරත්න

122. කුරුවිට – ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහ විදුහලේ
4 ශ්‍රේණිය,
හංසක නිලේජ ගුණසේකර

123. සපුගස්කන්ද – යොෂිඩා සෙමිකන්ජි ජාත්‍යන්තර පාසලේ
2 ශ්‍රේණිය ,
සෙව්මි දිව්‍යාංගනා බණ්ඩාර

124. කුලියාපිටිය ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසලේ
7 ශ්‍රේණිය ,
ඩබ්.උදාරා දනංජනී

125. නිවිතිගල – ශී‍්‍ර රතනජෝති දහම් පාසලේ
12 ශ්‍රේණිය ,
ජේ.හංසි මලීෂාණි සඳකැලුම්

126. පානදුර – කළුතර, මාලමුල්ල මහ විදුහලේ
7 ශ්‍රේණිය,
කේ.පී.සී. සෞම්‍යා කුමාරි පතිරණ

127. සියඹලාපේ - දරණාගම ප්‍රාථමික විදුහලේ
4 ශ්‍රේණිය
තෙනුමි උබේසිංහ


සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

ප්‍රතිමා කලාවේ සුන්දරත්වය විදහාපාන බුද්ධ ප්‍රතිමාවකි. අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ . අනුරාධපුර අභයගිරි භූමියේ කුට්ටම් පොකුණට නුදුරින් පිහිටි එම ප්‍රතිමා වහන්සේ ශ්‍රී ලංකාවට පින් කෙතක් බඳු පූජනීය වස්තුවකි. මෙ මඟින් ධ්‍යාන මුද්‍රාව මෙන්ම වීරාසනය ද පිළිබිඹු කරයි.

කළුගලකින් නිර්මාණය කරන ලද බුදුරජාණන් වහන්සේගේ සමාධිගත අවස්ථාව නෙතු සඟලෙන් දකිනා හදවත් තුළට බුද්ධාලම්භන පී‍්‍රතියක් ඇතිවනුයේ දෙස් විදෙස් භේදයකින් තොරව ය. සම්මා සම්බුදු කමලේ පවිත්‍රතාව, සංයමය වැනි සුලක්ෂණ මනාව නිරූපණය කිරීමට සමාධි පිළිමය සමත්වී ඇත. සමාධි පිළිම වහන්සේ හෙළ කලා රසය සුපෝෂණය කිරීමට සමත් වූ මැණිකක් බඳුය. දේශීය කලාව හා සංස්කෘතිය ඔප් නැංවීමට සමත් තවත් එක් වටිනා නිර්ණායකයක් ලෙස සමාධි පිළිමය ගත හැකියි. දෙස් විදෙස් කලා විචාරකයන්ගේ අවධානයට, ගෞරවයට පාත්‍රවූ සමාධි පිළිමය වැනි තවත් ශ්‍රේෂ්ඨ නිර්මාණ සිරිලක් බිමෙහි බිහිවී, ශ්‍රී ලාංකීය ජනතාවගේ කලාව හා සංස්කෘතියටම මුසු වූ අනන්‍යතාවයක් ගොඩනැඟී ලොව උතුම් රටක් ලෙස ශ්‍රී ලංකා මාතාව අභිසෙස් ලබත්වා යැයි පතමි.


හැමදාමත් මට අත දෙන මගෙ ආදර අම්මා

කතරක් වු මගේ හදට වැහි පොද වූ අම්මා
වරදක් මා සිදුකළ විට නිවැරැදි කළ අම්මා
සෝ දුක් ළඟ මගේ දිවියෙ රෝස කුසුම අම්මා
හැමදාමත් මට අත දෙන මගෙ ආදර අම්මා

පවුලේ මතු දියුණුව ළඟ සිත රඳවන අම්මා
නිතරම සමඟිව ඉන්නට, උපදෙස් දෙන අම්මා
කිසිදාකත් තරහ නොවන දොස් නො කියන අම්මා
හැමදාමත් මට අත දෙන මගේ ආදර අම්මා

දස මසක් ම, කුස දරාන දුක් විඳි මගේ අම්මා
ලේ කිරිකර පොවමින් මා හැදු වැඩු මගෙ අම්මා
ගෙවන්න බැරි මේ ණය ඉල්ලන්නේ නැති අම්මා
හැමදාමත් මට අත දෙන මගේ ආදර අම්මා


ජීවිතයේ යථාර්ථය

කවර දේශයක, ආගමක, කුලයක, කවර නමකින්, කුමන උපතක් ලැබුව ද, සියලු දෙනාට ඇත්තේ සසර ඉපදීමේ දුකය. ඒ නිසා සසරේ ඇති භයානක බව තේරුම් ගෙන ශෝක පරිදේවයන්ගෙන් ගැලවීමට ප්‍රඥාවන්ත මිනිසා උත්සාහ කළ යුතු ය. කුඩා දරුවන් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති ආදීනවය ගැන දහම් ඇසින් දැනගැනීම වැදගත් ය.

ජාති යනු ඉපදීම යි. තිරිසන් සතෙකු වශයෙන් හෝ පේ‍්‍රතයෙකු ලෙස හෝ නිරයේ හෝ ඉපදීම දුකකි. ඉපදීම දුකක් වන්නේ ඉපදෙන විට ඇතිවන දුක්ඛදායක වේදනාව පමණක් නොව, ඉපදීමෙන් පසුව ඇතිවන සියලු දුක්වේදනා නිසා ඇතිවන දුක් නිසා ය.

ජරාව යනු දිරායෑම ය.ඇසට ,කනට, සුවයක්, ප්‍රසන්න බවක් ලෙස පෙනුණත් ,දැනුණත් ඒ සියල්ලේම උරුමය වී ඇත්තේ දිරාගෙන යෑම ය. අත්හැරීම ය. එය සිතට මෙනෙහි විය යුතු ය. එවිට දිරාගෙන යෑම කෙරෙහි තමන්ගේ සිතට ශෝකයක් නො වන්නේය. නො දිරන ස්වභාවයක් වන්නේ ද ඒ නො දිරන ස්වභාවය පිළිබඳව සිත යොමුකළ යුතුය. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට වැටහෙන්නේ ඒ නිවනම බවයි. ඔහු දිරා යෑමක් නැති ඒ උතුම් නිවනම සොයයි.

මේ ආකාරයට ම ලෙඩ දුක්වලට ගොදුරු වන සෑම විටම එහි ආදීනවය මැනවින් මෙනෙහි කරන්න. එහි ඇති ශෝකි ස්වභාවය නුවණින් දකින්න. සුවකළ නොහැකි රෝගයක් බව හා සෑම මිනිත්තුවක් ,පැයක් පාසාම, මරණයට ළංවන බව මෙනෙහි කරන්න. මරණාසන්න මොහොතේ අභාවිත සිතක් ඇති (පරමාර්ථ ධර්ම වශයෙන් පුරුදු නො කරන ලද) කෙනෙකුට සිතේ හට ගන්නා වූ භය,ශෝකය,දුක් පිළිබඳව සිතා ගන්නට පුළුවන් ද? සැප යැයි සිතා දුකට උරුම වූ පුද්ගලයින් හා වස්තූන්ම සොයාගෙන ගිය ඔහුට හෝ ඇයට ඉතිරිව ඇත්තේ ශෝකය පමණක් ම බව වැටහෙන්නට පටන් ගනී. එවිට ඉන් ගැලවෙන්නට ඇති එකම මග නම් තෘෂ්ණාව සම්පූර්ණයෙන් අතහැර දැමීම යි.

අප සසර ගමන පුරාවටම සියලු ඥාතීන් වෙනුවෙන් වැගුරූ කඳුළු සිව් මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩි බව ආර්ය පර්යේෂණයෙන් යුක්ත ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට වැටහෙන්නට පටන් ගන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ඇසීමෙන්,සිතේ දරා ගැනීමෙන් හා නැවත නැවතත් මනසිකාරය කිරීමෙන් පමණි.

එනිසා සසරේ ඇති භයානක බව තේරුම් ගෙන, ශෝක පරිදේවයන්ගෙන් ගැලවීමට නම් නිවන් මගට යොමුව ක්ලේශ ධර්මයන්ට එකතුවීම නිසා සිදුවන ආදීනවය නුවණින් දැක එයින් මිදීමට වීර්ය කළ යුතු වෙයි.


අකුසල් දුරලමු...

බුදුහිමි දෙසු ලෙස
සදහම් හැඳින මෙලෙසට
අකුසල දුරස් කොට
නිවන් පුරයේ පිවිසෙනු මැන

ක්‍රෝධය නමැති ගිනි කඳද
වෛරය නම් සර්පයාද
දිවියෙන් ඈත්කොට
දිවි ගෙවමු අප සැබෑ විලසින

උදයට පිබිදෙන මල් කැල නිතිනේ
හවසට පරව යන මල් පොදි ගානේ
අප හට සිදුවනුයෙත් මේ දෙයනේ
වටහා ගෙන දිවි ගෙවමු ද මිතුරේ


තිල දක්ඛිණ විමාන වර්ණනාව