UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දැනගෙන කළයුතු පින්කම්

" කඨිනානිසංස විඳින විට, වෙනත් අකුසල කර්මයක විපාකයන් පලදීමට අසමත් වෙයි. එහෙයින් කඨින පින්කම මහා බලගතු අනුසස් ලැබෙන පින්කමකි.විනයානුකූලව කඨින පූජාව සිදු වන්නේ, ගිහි හෝ පැවිදි සැදැහැ ඇත්තෙක් කඨිනාස්තරණයට නියමිත කාලය තුළ, පෙර වස් වැස පවාරණය කළ භික්ෂු සංඝයා විෂයෙහි හිරු උදාවන වේලෙහි කඨිනය පිණිස වස්ත්‍රයක් හෝ චීවරයක් පූජා කිරීමෙනි. කඨින පූජාව විනය කර්මයකි." ජීවිතය පවත්වාගෙන යාමට ආහාර, ජලය, වාතය වැනි දෑ අවශ්‍යයෙන් ම තිබිය යුතු සේ ම, පින ද හැම කෙනෙකුට ම අවශ්‍යයෙන් ම තිබිය යුතු සාධකයෙකි. කොපමණ ධන සම්පත් තිබුණත්, බල පුළුවන්කාරකම් තිබුණත් පින නැතිනම් ජීවිතය වුව ද පවත්වාගෙන යාමට නොහැක. ‘සුඛස්ස ඒතං අධිවචනං පුඤ්ඤං’ යනුවෙන් පින නම් සැපයට යොදන තවත් නමකැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ද එබැවිනි. ආයු, වර්ණ, සැප, බල ආදී ලෞකික සියලු සම්පත් ළඟා කර දීමට පිනට හැකියාව තිබේ. අප යමක් කරන්නේ එයින් කිසියම් ප්‍රතිඵලයක්, ප්‍රතිලාභයක් ලැබේ නම් පමණි. පින්කමක නිරත වන්නන්ට ද කිසියම් ප්‍රතිලාභයක් තිබිය යුතුයි. ගොවිතැනෙහි නිරත වන ගොවියෙකු අස්වනු ලබන ක්‍රම තුනක් පිළිබඳ ව, බුදුරජාණන් වහන්සේ ඛෙත්තූපම සූත්‍රයෙන් අනාවරණය කොට තිබේ. එක් ගොවියෙකු, ගොවිතැනට ආයෝජනය කළ මුදලවත් උපයා ගැනීමට නොහැකි ව පාඩු ලබයි. තවකෙනෙක් වැයකළ මුදලට සරිලන ප්‍රමාණයේ අස්වැන්නක් ලබයි. මේ අතර තවත් කෙනෙක් බලාපොරොත්තු වූ ප්‍රමාණය ඉක්මවා අධික ලාභයක් උපයා ගැනීමට සමත් වෙයි.

 

ඉතිරිය»

 

වප් මස අමාවක පෝය


වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි.
20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.


මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]