Print this Article


බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකත්වය දැරූ දරු දැරියනි, ඔබ විසින් අපවෙත ලියා එවන ලද අම්මා පිළිබඳ වූ නිර්මාණාත්මක රචනා මෙසේ පළ කරමු. අප වෙත ලැබී මේ කලාපයේ පල නොවූ රචනා ඉදිරි කලාපවල පල වේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් ඇති අංකය යි. හොඳම නිර්මාණයන්ට හිමි වූ ත්‍යාගයන් ඉදිරියේ දී ඔබවෙත එවීමට කටයුතු යොදා ඇත. සාමාජිකත්වය දැරූ සාමාජික සාමාජිකාවන්ගේ නම් මෙසේ පළ කරමු.

33. ඩබ්.ජී. යසන්තා ප්‍රදීපිකා
ගා/ රතනසාර පිරිවෙන
1 ශ්‍රේණිය

34. දීත්ම සජාර ජයසිංහ
සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසල
1 ශ්‍රේණිය

35. වයි.ජී. යෙෂාන් දෙනෙත් සංදුල
ශ්‍රී සුගත දහම් පාසල
5 ශ්‍රේණිය

36. ඒ.ජී. ෂෙහාන් ප්‍රමුදිත ගුණසේකර
යටිවාවල සිරි සිදුහත් දහම් පාසල
9 ශ්‍රේණිය

37. කේ. ඒ. ජයනි අනුරාධා කළුආරච්චි
කෑ/ මාව. පින්නවල ජාතික පාසල
13 ශ්‍රේණිය

37. චතුර විමුක්ති දිසානායක
ශ්‍රී රාහුල දහම් පාසල
9 ශ්‍රේණිය

38. නයනජ නෙසඳු කුමාරසිංහ
ගා/ උඩලවත්ත මාතා විදුහල
07 ශ්‍රේණිය

39) තත්සරණි යෙනුකි කුමාරසිංහ
ජේ. එම්. සී. ජාත්‍යන්තර පාසල
04 ශ්‍රේණිය

40) ජී. එච්. නෙත්මා සාවින්දි
මාර/ ශ්‍රී සුමංගල බාලිකා විදුහල
7 ශ්‍රේණිය

41) පී. කේ. මෙත්මික ද. සිල්වා
ශාන්ත තෝමස් විදුහල
6 ශ්‍රේණිය

42) තිසරි උපාද්‍යා අබේසිංහ
ශ්‍රී පුෂ්පාරාම දහම් පාසල
7 වසර


සාගරයටත් වැඩි සෙනෙහසක්

අම්මා යන උතුම් වචනය දරුවන් වන අප කාගේත් හදවත් සෙනෙහසින් පුරවයි. මගේ අම්මා, මා මෙලොවට බිහිවීමට පෙර කුස දරා සිටිය දී ත් බොහෝ දුක් විඳ ඇත. දරු සෙනෙහස නිසා ම ඒ සියල්ල දරා ගත්තී ය. ඇය, මා මෙලොවට බිහි වූ දිනයේ සිට නිදි නොමැති ව සිටින්නට ඇත. මළ මුත්‍ර අත ගාමින් මා පිරිසුදු කරන්නට ඇත. එමෙන් ම බොහෝ දුක් ඉවසා මා උස්මහත් කරන්නට ඇය අප්‍රමාණ දුක් වින්ඳා ය.

හිතුවක්කාර වූ විට දී ඈ මට තරවටු කළ ද, ඒ ගැන පසුව දුක්වන බව මම දනිමි. මගේ අම්මා මට හොඳ නරක කියා දී යහමඟට ගැනීමට නිතරම උත්සාහ කරයි. මුල් වරට පෙර පාසලට ගිය දිනයේ මම බොහෝ හැඬුවෙමි. අම්මා පෙර පාසල අවසන් වනතුරු එහි රැඳී සිටි ආකාරය මට අද මෙන් මතක ය.මා පාසල අවසන් වී ගෙදර එන්නේ අම්මා දැක ගැනීමට ය. ඈ මා තුරුළු කරගෙන කියා දුන් කතාන්දර අදත් මගේ මතකයේ ඇත. අම්මාගේ සෙනෙහස සාගරයටත් වඩා වැඩි බව කුමාරතුංග මුනිදාසයන් ලියු දරු සුරතල් නම් කවි පෙළේ එන කවියක මෙසේ සඳහන් වෙයි.

මගේ පුතා මගේ දෝතට එන් නැ මේ

ඇති ද රෝස මලේ අගයක් ඉතින්

දැක ඔබේ මුහුණේ සුරතල් සිනා

මැලවුණේ ඒ මලයි පිපුණේ මම යි

අපි සියලු දෙනාම අම්මාට ණය ගැති වෙමු. ඒ ණය මදකින් හෝ ගෙවීමට නම් පාසල් කාලයේ හොඳින් අධ්‍යාපනය හැදෑරීමත්, දිවි තිබෙන තුරු ඇයට සැළකීමත්, ධර්මයට යොමු කරවීමත් කළ යුතු ය.


අනේක දුක්විඳි අම්මා

දස මසක් කුස දරා අනේක දුක්විඳ මා මෙලොවට බිහි කළේ සදාදරණීය මගේ මෑණියෝ ය. ගෙදර බුදුන් ලෙස අපි ඇයට සළකමු. මා හට කවා පොවා නහවා පාසල් යවා හොඳ නරක කියා දෙන්නේ ද ඇය යි. මා උගත්, ගුණවත් සමාජයට වැඩදායි අයකු වනු දැක්ම ඇයගේ එකම අභිලාෂය වෙයි. මා දුක්වන විට දුක් වන්නටත්, සතුටු වන විට සතුටු වන්නටත් යම් කෙනෙක් සිටීනම් ඒ අම්මා ය. මා ලෙඩ වූ විට මා අසළ සිටින්නේ මගේ අම්මා ය. මම ඇයගේ අවවාද පිළිගෙන සමාජයට වැඩදායක දරුවෙක් වෙමි. සදාදරණීය මගේ මෑණියෝ මෙතේ බුදුන් දැක නිවන් දකීවායි මම ප්‍රාර්ථනා කරමි.


දසත පැතිරෙන සොඳුරු ගුණ

මවකට ඇතිවන දරු සෙනෙහස මහමෙරක් සේ මුළු ධරණි තලය පුරාම පැතිරී යයි. එනිසා අම්මා යන නාමය සදා මතකයේ රැඳේ. කුඩා කල පටන් අප ඇතිදැඩි කරන අපේ අම්මාට ණයගැති සේ ම ඇයට කෘතගුණ දැක්වීම ද අපගේ යුතුකමකි. තිලෝගුªරු බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කර තම මෑණියන් වූ මාතෘදිව්‍ය පුත්‍රයාට (මහාමායා දේවිය) අභිධර්මය දේශනා කළේ මවට කළගුණ දැක්වීම පිණිස ය.

මව්වරු තම දරුවන්ගෙන් කිසිදු දෙයක් බලාපොරොත්තු නො වන අතර, ඔවුන්ගේ බලාපොරොත්තුව තමන්ගේ දරුවා හොඳ පුරවැසියකු වීමෙන් ඇතිවන ආත්ම තෘප්තිය පමණකි. බුදුරදුන් මහා බ්‍රහ්මයාට සම කොට ඔවුන් හැඳින්වූයේ ද අම්මාවරුන් සතු උසස් ගුණධර්ම නිසා ය. මායාවක් වන් වූ ලෝකයේ තනි වූ විට අප ළඟ සිටින්නේ අම්මා පමණකි. වැරැදීම් වූ විට සෑම දෙනෙක් ම තමා අත්හැර ගොස් හමාර ය. මෙත්තා, කරුණ, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ගුණයෙන් පරිපූර්ණ වන්නා වූ මෑණිවරු සෑම දරුවකුටම මෛත්‍රී කරයි. කරුණාව දක්වයි. එමෙන් ම මව්වරුන් තම දරුවන් පවින් වළක්වා නිවැරැදි මඟට යොමු කරයි. ඇය තම දරුවාගේ දුකේ දී දුක් වන අතර සැපේ දී ඉමහත් සතුට ට පත්වේ. ඇය සෑම දරුවකු දෙස ම බලනුයේ මැදහත් සිතිනි. හිරු මඬලක් සේ කිරණ බෙදා දෙන අපගේ ආදරණීය අම්මාගේ ගුණ කඳ මෙතෙකැයි කියා නිම කළ නො හැක.


මතු සසරේ හමුවේවා

මේ ලෝකෙට බිහිකර ලේ කිර කර පොවා මා රැක බලා ගත්තේ මගේ අම්මා. ඇය මා අසනීප වන සෑම විටම බෙහෙත් පොවා මා ළඟින් ම සිටියා. මුලින් ම අකුරු කියාදුන්නී ද ඇයම ය. ඇගේ නැලවිලි ගී හඬ මට තවමත් මතක යි. සෑම විටම ඔවදන් දී මා යහ මඟට යොමු කළේත්, රස ආහාර ගෙනැවිත් මා සතුටු කරන්නේ මගේ අම්මා ය. පාසල් වැඩට නිතරම මට උදව් කරන ඇය ගෙදර බුදුන් ‘අම්මා’ යනුවෙන් ද හඳුන්වයි. සංසාරේ මතු දිනක ද ඇය මාගේ අම්මා වේවා!


නිවසේ මිණි පහන

දස මසක් කුස දරා, අනේක දුක් විඳ මා මේ ලොවට බිහිකර ඇඟේ ලේ කිරිකර පොවා ආදරයෙන් හදාවඩා ගත් මෑණියන්ට මා සදාකාලිකව ණය ගැති ය. ඇයගේ දෑස මෙන් කුඩා කල සිට මා ඇතිදැඩි කළේ ඉතාමත් ආදරයෙනි. මා ලෙඩ වූ විට රෑ දහවල් නො නිඳා මා අසළින් ම සිට සුවපත් කළ ආකාරය මට මතක ය. මගේ අම්මා මා ලොකු මහත් කිරීමට කැප වූවා සේ ම දැනුමෙන් සහ ගුණ ගරුක බවින් පෝෂණය කළා ය. ඇය නිරන්තරයෙන් මාගේ සෙවණැල්ල මෙන් මා පිටුපස සිටිමින් මා හට ඔවදන් දෙමින් සමාජයේ අවංක, යහපත් පුරවැසියෙකු කිරීමට දැඩි වෙහෙසක් ගන්නී ය. මා හට නිසි කල අධ්‍යාපනය දී මා බුද්ධිමතෙකු කිරීම ඇයගේ එකම පැතුම බව මම දනිමි.

මාගේ දියුණුව දැක අවංක සිතින් සතුටු වූයේ මාගේ ආදර අම්මා ය. මා මේ ලොව දුටු උතුම් ම කාන්තාව ඇය යි. නිවස මෙන් ම මගේ ජීවිතයද මිණි පහනක් ලෙස ආලෝක කළ මාගේ මෑණියන්ට තෙරුවන් සරණ ලැබේවා.