Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් දා (03) කොළඹ නිදහස් මන්දිරයේ පැවැති උත්සවයේ දී සිදුකළ අවස්ථාව.

කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි දී විජිනිපත පිළිගැන්වූ අවස්ථාව.

සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ නිකිණි පෝදා දම් දෙසුම (07) බණ්ඩාරගම අලුත්ගම උභයවාපිකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහි දී ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා විහාරාධිපති මාවිත්තර සුමනරතන හිමියන් වෙත පිරිකර පූජා කර ආශීර්වාද ලබා ගත්තේ ය. රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් මෙවර ධර්ම දේශකයන් වහන්සේ වූ අතර ධර්ම දේශනය සඳහා දැහැත් වට්ටිය පිළිගන්වා ජනාධිපතිතුමා විසින් ආරාධනා කළ අවස්ථාව.

අරලගංවිල ශ්‍රී ජේතවනාරාමයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පූජෝත්සවය පසුගියදා (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විහාරාධිපති මින්නේරියේ සුබාලංකාර හිමියන් ඇතුළු මහ සඟරුවන ද සැදැහැවත් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා (05) කතරගම පුදබිම වෙත පැමිණි අතර කිරිවෙහෙර වැඳපුදා ගනිමින් කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී ආශීර්වාද ලබා ගත්තේ ය. විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් එහි දී ආගමික වතාවත් මෙහෙයවූ අතර සාමය, නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද එම අවස්ථාවට එක් වූ අතර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා විසින් එම ආගමික වතාවත් සංවිධානය කර තිබිණි. මහා දේවාලයේ දී පලතුරු පූජාවක් ද පැවැත් වූ අතර ඇසළ මහා පෙරහර ද නැරඹූහ.