Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

බුදු දහමට අනුව මිනිසා බාහිර ශක්තීන් උපයෝගී කරගනිමින් දිවි පැවැත්ම ඉදිරියට ගෙනයයි. විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් ඒ ඒ අවස්ථාවලදී මිනිසා පෙනී සිටී. අංගුත්තර නිකායේ එබඳු කරුණු අටක් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර -

1. රුණ්ණබලා දාරකා - ළදරුවෝ හැඬීම බලයකොට ඇත්තේ ය.

2. කොධ බලො මාතු ගාමො - ස්ත්‍රිය ක්‍රෝධය බලය කොට ගනී.

3. ආවුධ බලා චොරා - සොරා ආයුධය බලය කොට ගනී.

4. ඉස්සරිය බලා රාජානො - ඉසුරු බව රජු බලයකොට ගනී

5. උජ්ඣන්ති බලා බාලා - මෝඩතැනැත්තා වෛරය බලය කොට ගනී.

6. නිජ්ඣන්ති බාලා පණ්ඩිතා - නුවණැත්තෝ අවබෝධය දැනුම බලයකොට ගනී.

7. පටිසංඛ්‍යාත බල බහුස්සුතා - බහුශ්‍රැතයෝ ප්‍රවීණත්වය බලයකොට ගනී.

8. ඛන්ති බලා සමණ බ්‍රාහ්මණ – මහණ බමුණෝ ඉවසීම බලයකොට ඇත්තාහ.