Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

බුදුදහම ලොව්තුරා පරමාදර්ශී නිවන්සුව පතා යන මාවත අවධාරිත වුවද එනිසාම වර්තමානික ලෞකික මිනිස් සබඳතා අමතක කොට නැත. නිදසුනක් වශයෙන් ස්ත්‍රී, පුරුෂ සුසංයෝගය පිළිබඳව අනාවරණය වූ අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙයි. (මහා වග්ග පාලි ඉත්ථ – පුරිස සූත්‍ර) පැහැදිලි කරන්න.

පිළිතුර

අංග අටකින් ස්ත්‍රී පුරුෂ සමවාය සිදුවෙයි.

1. රූපෙන- රූපයෙන්

2. හසිතෙන - සිනහවෙන්

3. භණිතෙන – කතා කිරීමෙන්

4. ගීතෙන – ගායනයෙන්

5. රුණ්ණෙන – හැඬීමෙන්

6. ආකප්පේන – හැඩරුවින්

7. පස්සේන - ස්පර්ශයෙන්

8. වන භංගෙන – තාවකාලික විරහවීමෙන්

ප්‍රශ්නය -

මිනිසා විසින් නිතර පුරුදු පුහුණු කළ යුතු අච්ඡරිය අණභූත ධම්ම යනුවෙන් දේශනා පාඨවලින් අවධාරිත සද්ගුණයන් මොනවාද?

පිළිතුර

1. සැදැහැසිත් ඇති බව (සද්ධො)

2. සිල්වත් වීම (සීලවා)

3. පවට ලජ්ජා ඇතිබව ( හිරිමා)

4. පවට බිය ඇතිබව (ඔත්තප්පී)

5. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ( බහුස්සුතො)

6. පරිත්‍යාගශීලි බව (චාගවා)

7. නුවණැති බව (පඤ්ඤවා)

8. අපිස්ගුණ ඇති බව (අප්පිච්ඡො)