UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙනස්වීම් හමුවේ නොසැළෙනවා නම්...

වෙනස්වීම් හමුවේ නොසැළෙනවා නම්...

" ජීවත්වීමේදී විවිධාකාර ගැටලු, ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවේ. චෝදනා ලැබේ. ඇණුම් බැණුම් අසන්නට සිදුවේ. මේ කිසිවක නොගැටී ඉවසීමෙන්, උපේක්ෂාවෙන් ඒ දෙස බලා කටයුතු කරන්න.'

නිත්‍ය වශයෙන් ගත හැකි කිසිවක් මේ ලෝකයෙහි නැත. සියල්ල වෙනස්වන සුළුය. සිහි නුවණින් විමසා බලන්නේ නම් ඒ වෙනස් වීම් හමුවේ නොසැළී සිටින්නට පුළුවන විශේෂයෙන් එවැනි පුද්ගලයා අටලෝ දහමින් කම්පා වන්නේ නැත. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන මේවා අටලෝ දහමය.

ලාභ යනු පැවිද්දාගේ සිව්පසය, ගිහියාගේ ධන ධාන්‍යාදිය ලැබීමය. අලාභ නම් පැවිද්දාගේ සිව්පසය, ගිහියාගේ ධන ධාන්‍ය ආදිය නො ලැබීමය. යස යනු පිරිවර සම්පත් ලැබීමය. අයස නම් පිරිවර සම්පත් නොලැබීමය. පරපුරෙහි, දැන උගත්කමෙහි, ක්‍රියා කාරකම්හි ගුණ කීම ප්‍රශංසා ය. ජාති, ගෝත්‍ර, කුල මල ආදිය කෙරෙහි ගැරහීම හෙවත් අවමන් කිරීමාදිය නින්දාය. සුඛ යනු සිත කය පිනවීමය. දුක්ඛ නම් පෘථග්ජනාදීන්ගේ සිත කය පෙළීමය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ අටලෝ දහම ද වෙනස් වන බවය. නිත්‍ය වශයෙන් නො පවතින බවය. මේ නිසා නිරතුරු උපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීම නුවණට සුදුසු බව උන්වහන්සේ ලකුණ්ඨක භද්දිය තෙරුන්ගේ චරිතය උපමා කොට දක්වමින් පෙන්වා දුන්හ.

සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වාසය කළ ලකුණ්ඨක භද්දිය තෙරුන් වහන්සේ ඉතා මිටි වූ සිරුරක් ඇත්තේ වූහ. එහෙත් ඉතා ගුණවත්ය. කුඩා සාමණේර හිමිවරු උන්වහන්සේට නිතර උසුළු විසුළු කරති. කෙළි කවටකම් කරති. ලකුණ්ඨක භද්දිය තෙරුන් රහත් ඵල ලබා ඇත. එහෙයින් මේ කිසිදු උසුළු විසිළුවකට නො කිපෙති. දිනක් මේ තෙරුන් වහන්සේගේ ගුණ පිළිබඳව දම් සභාවෙහි කතාවක් ඇති විය. බුදුරජාණන් වහන්සේ ඒ නිමිති කොට නුවණැතියෝ ඇනුම් බැනුම්වලට හෝ උපහාස සිනාවකට හෝ උරණ නොවෙති. ගුණ වැනීම්වලට, බුහුමනට ආදි පැසසුම්වලට උඩඟු නොවෙති යි දේශනා කොට වදාළහ.

‘සෙලො යථා එකඝනො - වාතෙන න සමීරති

ඒවං නින්දා පසං සාසු - න සම්ඤජන්ති පණ්ඩිතා

සඳුරු නැති මහා පර්වතයක් සුළඟින් නොසැලේ. එමෙන් නුවණැතියෝ නින්දා ප්‍රශංසාදියෙහි නොසැලෙති.

උන්වහන්සේ පෙන්වා දුන්හ. ජීවත්වීමේදී විවිධාකාර ගැටලු, ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදුවේ. චෝදනා ලැබේ. ඇණුම් බැණුම් අසන්නට සිදුවේ. මේ කිසිවක නොගැටී ඉවසීමෙන්, උපේක්ෂාවෙන් ඒ දෙස බලා කටයුතු කරන්නේ නම් කා අතරත් පැසසුමට ලක් වේ. ලකුණ්ඨක භද්දිය තෙරුන් වහන්සේ මෙනි.

මාන්නය, උඩඟුකම,බැහැර ඉවසීමෙන් සාර්ථකත්වය සඳහා එළඹීමට මාර්ගය සම්බුදු දහමේ ඉගැන්වේ. ඒ මග ගමන් කරනවා නම් හැල හැප්පීම්වල නොගැටී ජීවත් විය හැකි වේ. තම දිවිය හැකි පමණින් කැටයම් කොට සාර්ථකත්වය කරා එළඹීමට අදිටන් කර ගනිමු.

 

පොසොන්
අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ජූලි 01 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]