Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

පංච සීලයෙහි දෙවැනි ශික්ෂාපදය ‘අදත්තාදාන’ නමින් හැඳින්වෙන පාපක්‍රියාවකි. අදින්නාදාන යන පාලි වැකියෙහි එන පරිදි අදින්න යනු නො දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. ‘දීයතීති’ දානං ‘දීම’ පරිත්‍යාගය, පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍ර වූ දේශනා ඇතුළත් ව ඇත. ආමිස දාන ප්‍රතිපත්ති දාන ධර්ම දාන සප්පුරිස දාන ආදී වශයෙන් විවිධ වූ විස්තර ඇතුළත්ව ඇත. මේවා අතරින් එක්තැනක බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා යනුවෙන් සුවිශේෂ වූ දානමය පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.

පිළිතුර

(අං. නි. 4 පිටුව)

ඉධ භික්ඛවෙ දායකස්ස තීණංගා නි හොන්ති පටිග්ගාහකානං තීණා ගෙනානි හොන්ති

මහණෙනි! ‘ජළංග සමන්නාගත’ යනු දායක පක්ෂයෙහි අංග තුනකුත් පිළිගන්නා වූ (ප්‍රතිග්‍රාහක) පක්ෂයෙහි අංග තුනකුත් එක්තැන්ව කරන දානයයි. එය සය වැදෑරුම් දානමය පුණ්‍ය ක්‍රියාවෙහි දායක පක්ෂය පුබ්බේව දානා සුමනෝ ආරම්භයෙහිම සතුටු සිත් ඇත්තෙකු විය යුත්තාසේම දන්දෙන අවස්ථාවෙහි දී ද ‘දදං චිත්තං පසාදයේ සොම්නස් ඇත්තෙකු විය යුතුයි. අවසානය දත් වා අත්තමනෝහොති දන්දී සතුටු සිත් ඇතිවෙයි.

ප්‍රතිග්‍රාහකයන්ගේ ද අංග තුනක් සම්පූර්ණ විය යුතු ය. ප්‍රතිග්‍රාහකයෝ තෘෂ්ණා රාගයෙන් වෙන්විය යුතු ය. දෝස හා මෝහ යන දුර්ගුණයන්ගෙන් වෙන් විය යුතුයි. මෙබඳු පින්කමකම විපාක ප්‍රතිලාභයන්ද බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ප්‍රඤ්ඤහිසන්දං පුණ්‍ය ප්‍රවාහයක කුසලයන් උල්පතෙකි. සුවගෙන දෙන්නකි. ඉෂ්ට මනාප සැප සඳහාම හේතුවන පින්කමක එහි විපාක ගණනය මෙතකැයි නිම කළ නොහැකි වේ.

ප්‍රශ්නය -

මෙම පාලි පාඨය කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය වෙයි. කියවන්න. ‘කො පන භන්තෙ හේතු - කො හෙවත් පැවිදි ජීවිතයෙහි දි උපසපන් වීමෙන් වස් විසීම ගණනය කිරීමෙනි.

පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චීරට්ඨිතිකො හොතීති.

ස්වාමිනී! යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමානික බුදු දහමෙහි චිරස්ථිතිය (පැවැත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිත කළ යුතු ය. පැහැදිලි කරන්න.

පිළිතුර -

බෞද්ධයන් අතර උපෝෂිත (පොහෝ දින) දිනයන්හි ධර්ම සාකච්ඡා මණ්ඩපයෙහි මෙබඳු දේශනා පිළිබඳව සාකච්ඡා කළ යුතු ය. බොහෝ විට සාකච්ඡා කෙරෙන්නේ දෙව්දත් පංචවර ආයාචනය අවිහිංසාවාදී බව වැනි සරල දේ පමණකි. මෙම සූත්‍ර දේශනාවෙහි ඇති සටහන පොහෝ දින සාකච්ඡාවකට ඉතාම සුදුසු ධර්ම මාතෘකාවකි. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් සද්ධර්මය චිරස්ථායි වීමට නම් සිව්වනක් පිරිස ශාස්තෘවරයන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සඟරුවන කෙරෙහි ගෞරවයෙන් පළමුතැන්ලා සැලකිය යුතු ය. ශික්ෂාවන්හි මෙන්ම සීලයෙහි අප්‍රමාදීව ගෞරව සහිතව එහි ප්‍රධාන බව සලකා කටයුතු කළ යුතු ය.

ප්‍රශ්නය -

සත්‍යය නම් ඇත්තටම පවතින දෙයයි. එමෙන්ම බොරු කළ නොහැකිය යන තේරුමයි. බුදුදහමෙහි සත්ත්වයා හා සම්බන්ධ සත්‍ය හතරක් ගැන ඉගැන්වෙයි. ‘රෝහිතස්ස’ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. මේ බඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත ශරීරයෙහිම මම ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ප්‍රතිපදාවත් පනවමි’ මේ සූත්‍ර පාඨයෙහි ‘ලෝක’ යන්නෙන් අදහස් වන්නේ දුකයි. පෙළ දහමෙහි දුක පිළිබඳව විවිධ නිර්වචනයන් විවරණය කරමින් දුක පිළිබඳ දේශනා පිළිවෙළ පැහැදිලි කරන්න.

පිළිතුර -

ලෝකය පිහිටා ඇත්තේ දුක මතය. එහෙයින් එය පිළිකුල්ය. ලෝකයේ කිසිම හරයක් නොමැත. එහෙයින් එය හිස්ය. එහෙයින් දුක්ඛ නම් පිළිකුල් ජනක හා හිස් බවයි. සාමාන්‍ය මිනිසුන් දකින ලෞකික සැප හුදෙක් ආශාවන් සංසිඳවීම සඳහා පමණකි. ආශා කරන දෙය ලබාගත් වහාම එය කෙරේ ආශාව අඩු වී යයි. එහෙයින් ආශාවෝ අතෘප්තිකර වෙති. සියලු සත්ත්වයෝම ජාතිය ව්‍යාධිය හා මරණය උරුම කර ගත්තෝ වෙති. මෙම සතර වැදෑරුම් දුක් සහගත තත්ත්වයන් ගෙන් තොර වූ කිසිවෙක් නොවෙති.

සුන් වූ බලාපොරොත්තුව දුකකි. අප පි‍්‍රය කරන පුද්ගලයන් හෝ දේ, සමග එක් වන්නට අපි කිසිවෙක් කැමැති නොවෙමු. එමෙන්ම අප පි‍්‍රය කරන රුචිකරන පුද්ගලයන්ගෙන් හෝ ද්‍රව්‍ය වලින් දුරස් වන්නටද අපි කැමැති නොවෙමු. අං. 4 ඉණ සූත්‍ර . 118 පිටු)

දුක පිළිබඳව ප්‍රායෝගිකව වෙනත් විවරණයක් දක්නට ලැබෙයි. මහණෙනි! ලොව දිළිඳුබව දක්නට ලැබෙයි. මහණෙනි! ලොව දිළිඳුුබව කාමභෝගීනට දුකය. ණය ගැනීම එය දිනෙන් දින වැඩිවීමද (පොලිය) නියමිත දිනට ණය ගෙවීමට නොහැකි වීම ද දුකයි. ඒ පිළිබඳ පිරිස්මැද අවමානයට ලක්වීමද දුකකි.

නියම සැපත ඇත්තේ අප සිත් තුළ ය.

ප්‍රශ්නය -

අනගාරික පැවිදි දිවිය සතු බල සතක් බව දේශනා පාලියෙහි දක්නට ලැබෙයි. ඒ මොනවාදැයි පැහැදිලි කරන්න.

පිළිතුර -

සත්තිමානි භික්ඛවෙ බලානි. මහණකම සතු බල සතකි එනම්,

සද්ධා බලය – වීරිය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, සතිබලය, සමාධි බලය, පඤ්ඤා බලය.

එතෙහි බලවා භික්ඛු සුඛං ජීවති පණ්ඩිතො මේ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ කල්ගත කරයි.

ප්‍රශ්නය -

අනගාරික ප්‍රතිපදාව ජීවිතය කොට ගත් භික්ෂූන් වහන්සේගේ ජීවන රටාව අධ්‍යාත්මික සදාචාරාත්මක හා මානව හිතවාදී ප්‍රායෝගික අගයට මුල් තැන දෙමින් සංවිධානය වී ඇත. ඒ සඳහා පුරන පිළිවෙත් අතර ‘ගමික වත හා වැසිකිළි වත යන අංග දෙකකි. මෙයින් දෙවැන්නට සඳහන් කළ ‘වැසිකිළි වත’ පැවිදි ගිහි ඕනෑම සාමාජිකයෙකුට අද පවා ප්‍රයෝජනවත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර –

වැසිකිළිය බොහෝ විට පොදු පරිභෝජනයට වෙන් වූ ස්ථානයකි. සාමාන්‍ය ජීවිතයෙහි දී පනවා ගත් සම්මතයන් වැසිකිළිය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවෙහි දී නොසලකා හැර පැමිණි පිළිවෙළ අනුගමනය කළ හැකි ය.

සාමාන්‍ය පිළිවෙත්වලදී (වෘද්ධා පවායන) වැඩිහිටි අයට මුල් තැන දී සඟ මහලු පිළිවෙළ මෛත්‍රිය තමා සමාන කොට අන් අය කෙරෙහි ද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෛත්‍රිය කළ යුත්තේ මවක් එකම පුතු රකින ලෙසයි.

සඟමහලු පිළිවෙළ සකස් ව ඒ අනුව ශාසනික සම්ප්‍රදාය සකස් වී ඇත.

එහෙත් වැසිකිළි වත නමින් සඳහන් වන එම සම්ප්‍රදායන් මෙහිදී අනුගමනය කිරීම යුක්ති සහගත නොවන බැවින් අවශ්‍යතාවයට හා පැමිණි පිළිවෙළට අනුගමනය කිරීම විශේෂිතය.