Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය -

නබ්වෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා, අගාරස්මා, අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ. එව රූපිං කථං කථෙය්‍යථ, සන්නි පාතානං වො භික්ඛවො ද්වයං කරණීයං ධම්මීවා කථා අරියොවා තුණ්හී භවොතීතී (චු.නි. මුඛ, වග්ග 149 රාජසුත්‍ර)

අනුවාදය- සැදැහසිතින් ගිහිගෙයින් නික්ම සසුන්ගත කුලපුත්‍ර වූ ඔබලාට සුදුසු නොවෙයි. මහණෙනි! ඔබ යම් තැනකට ඒකරාශී වූ විට දැහැමි කතාවක්ම කතා කළ යුතුමය. එසේ නොමැති නම් නිශ්ශබ්දතාවය ඉතා උතුම්ය. බුදුරජාණන් වහන්සේගේ දේශනා මහනීයත්වය ප්‍රකට වන එක් අවස්ථාවක් නම් වරද දුටු තැන එය නිවැරැදි කිරීම සඳහා අනුශාසනා කිරීමයි. ‘අනුත්තරං පුඤ්ඤඛෙත්තං’ උතුම් පින්කෙත නිසරුවන දැයින් වළක්වාලීම උන්වහන්සේගේ පරම අධිෂ්ඨානය විය. පැහැදිලි කරන්න.

පිළිතුරු -

ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි පහළොස්වන පුෂ්ප වර්ගයෙහි එන ගාථාපාඨයකට අනුව බෞද්ධ ශ්‍රාවක විශේෂත්වයක් වන්නේ අතිරෝචනි පඤ්ඤාය. සම්මා සම්බුද්ධ සාවකො ‘ප්‍රඥාවෙන් හෙවත් නැණ නුවණ මෙහෙයවා කටයුතු කිරීමය. මේ අනුව බෞද්ධයා නැණවතෙකි. පිළිවෙත් ගරුක සුවිශේෂ ලකුණෙන් ජනසමාජය තුළ නැණ, ගුණ දෙකින් පිරිපුන් පුද්ගලයා හඳුනා ගනී.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි පිණ්ඩ පාතයෙන් අනතුරුව දන් වළඳා දම්සභා මණ්ඩපාගත බොහෝ භික්ෂූන් අතර මේ අතුරු කථාව හටගනී.

ඇවැත්නි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ හෝ පසේනදි කොසොල් රජ යන දෙරජුන් අතරෙන් කවරෙක්ද මහාධනවත් ද? භෝගවත්ද? මහත් භාණ්ඩාගාර ඇත්තෙක්ද? අතිශයින් විජයග්‍රාහී කවරෙක්ද? මහත් වූ වාහන ඇත්තෙක් වීද ආනුභාව සම්පන්න හා සෘද්ධි බල සම්පන්න තැනැත්තා කවුද? යන අතුරු කතාව අතර භාග්‍යවතුන් වහන්සේ වැඩි බව සැළ කළහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාදය නම් පිරිස එක්රැස් වූ විට දොලොවටම වැඩක් ඇති කතාවකම නිරත විය යුතු බවත් එසේ නොහැකි නම් උතුම් නිශ්ශබ්දතාවය ඉතා වැදගත් බවත් ය. මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ නිශ්ශබ්දතාවයෙහි උතුම් බවය. වඩාත් කැපීපෙනෙන්නේ, ධර්ම කතාවකින් තොරව ‘අත්තුක්කංසන පරවම්භන’ තමා උසස් කොට ආත්ම වර්ණාවක් සඳහා අනුන් ගර්හාවට චරිතඝාතනයට මං පාදන කතා නිරතුරව පවත්වන ගිහි හා පැවිදි ශ්‍රාවක පිළිවෙත නොවන බවයි. උතුම් නිශ්ශබ්දතාවය රැකීම පුර පසළොස්වක දින සීල සමාදානය සඳහා ද ප්‍රයෝජනවත් ය.

ප්‍රශ්නය -

පෙළ දහමට අනුවට සිව්වනක් පිරිස් සඳහා ගෝචර අගෝචර (සුදුසු නුසුදුසු) තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන් අවධාරණය කොට ඇත. නිවන් මගට පිළිපන් සැදැහැවතෙක් මේ සඳහා බෙහෙවින් සැලකිය යුතු ය. පැහැදිලි කරන්න.

පිළිතුර -

බඹසර විසීම සඳහා සිව්වණක් පිරිස සඳහා සාධක තුනක් දේශනා පාලියෙහි සඳහන්ව ඇත. 1. උපතිස්සය, ප්‍රථම ගෝචරය නම් වටාපිටාව හෙවත් සුදුසු මිත්‍ර සංධානයයි. හිතමිතුරු උපදේශකයන් එවැන්නන් ආශ්‍රය, නිශ්‍රය, උපනිශ්‍රය කිරීමෙන් සද්ධා, සීල, වාග, පඤ්ඤා ආදී සද්ගුණ වැඩෙයි.

ප්‍රශ්නය -

සියලු සංස්කාර ධර්මයන් ඒවායේ මූලික ලක්ෂණ තුනක් මගින් හඳුනාගත යුතු ය. නීති ලක්ඛණානි, එනම් අනිච්ච දුක්ඛ අනත්ත සියලු සංස්කාර ධර්මයෝ වෙනස් වෙති. විවරණය කරන්න.

පිළිතුර

සියලු සංස්කාර (හේතු, ප්‍රත්‍ය සමවායෙන්) හටගත්, සංඛත ධම්ම, අනිච්චතා දුක්ඛතා අනාත්ම තා ලක්ෂණ පෙරටු කොටගෙන ඇත. ත්‍රි ලක්ෂණ සංස්කාර පිළිබඳවය. සංඛත භාවයෙන් (හේතු + ප්‍රත්‍ය සමවායෙන්) බැහැර වූ කිසි පදාර්ථයක (වස්තුවක) ත්‍රිලක්ෂණය දැක්ක නොහැකි ය. අනිච්චා වත සංඛාරා සියලු සංස්කාර ධර්මයෝ නිරන්තරයෙන්ම වෙනස් වෙති. එසේ වෙනස් වන නිසා ඒ මගින් දුක් ඇති වෙයි. (යදනිච්චං තං දුක්ඛං) මිනිසුන් නිතරම මේ මාගේය. (එතං මම) මේ මම වෙමි. (එසො අහංඅස්මි) මේ මාගේ ආත්මයයි. (එසෝ මෙ අත්තා වශයෙන් සංස්කාර පිළිබඳව මමායනය කරති. යමක් දුක නම් එය අනාත්ම බව බුදු සමයෙහි ඉගැන්වෙයි. (යං දුක්ඛං තදන්තා) සංස්කාර ධර්මයන් පිළිබඳව මෙම ත්‍රිලක්ෂණය ආත්ම වාදය පිළිබඳ සාවද්‍ය මතයද පිටුදකී.