UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

පිය ගුණ

දශක ගණනක් රුවන් දොරටු විවර කළ
සෙනෙහෙබර ගුරු පියේ ඔබ ඉසිවරයෙක් එකල
පරපුරෙන් පරපුරට ශිල්පය අමා ඔසු පොවා නිමල
ගුරු දේවතාණෙනි අදත් තනි රකින මැදි විය තුළ

අහස උස වගේ දස දහසක් ඒ උස ට
සෙනෙහෙ ඉහිරුණේ අප දස දෙනාටම එක ලෙස ට
ශිල්පය, යහගුණ, දම් රස දී අප සැම ට
ඒ පින් බලෙන් ඔබ වැඩිය ද තවුතිසාව ට

මතක පොතේ පිටු පෙරළන මොහොතක් ගා නේ
සිතිවිලි සමුදායක පැටලී තනිවී මා ඉන් නේ
මෙතරම් කල මා ගෙතු කවි පදයක අකුරක් ගානේ
ඔබමයි පියතුමනි සිටියේ තනියට මා සෙව ණේ

අහස ඉඩ මදි පියගුණ ගෙත්තම ට
වෙහෙරක් තනන්නට පින් මදි මට ඔබ නම ට
මේ ගීතිකා බැඳ රන්වැලි සෑ උස ට
වන්දි ගෙවමි දිවිතුරු මගෙ පිය නම ට

මෙතේ බුදුන් නමදින්නට තනිවම යන්න එපා
ලොකු දූ කැටුව යන්නට අමතක කරන් නෙපා
මතු හැම බවයකම මා ලොකු දූ වෙනසක් කරන් නෙපා
පියාණෙනි ඔබ ගිය මග යන මා ගැන දුක් වෙන්න එපා


අකුසලයට නොමැත තැනක්

කොසොල් රජුන් සිහිනෙන් දුටු පෙර නිමිති
පසල් දනව්වල දැකගන්නටම ඇති
කුසල් කරනවුන් අතලොස්සක් සිටිති
අකුසල් වලට තැන ලොව හැම තැන පවතී


නිසි මඟ යමු

පන්සිල් සමාදන් වන වාර නම් අගෙයි
සිල්පද රකින අය දවසින් දවස අඩුයි
බුදු බණ අසන්නට වැඩි පිරිසක් කැමැතියි
එනමුදු යහ ගුණය නම් එතරම් නොපෙනෙයි

පෙහෙවස් සමාදන් වන්නට පන්සල් යනවා
මොහොතින් මොහොත අකුසල් සිත තෙර පෙනවා
බවුන් වඩන්නට නිති තැන්පත් වෙනවා
සිත තැන්පත්ව නැති බව නම් වැට හෙනවා

බුදු දම අපට ලැබුණේ පෙර කළ පිනටයි
බව දුක නසන මඟ දෙසුවේ බුදු සමිඳුයි
දැවි දැවි ඉන්නේ අප නිසිමඟ නොයන නිසයි
නිසිමඟ ගියොත් හමුවන්නේ අම නිවනයි


මෙත් සිත් සංකල්පනා

තබන තබන පියවරෙන් පියවර සාමයේ මල් පිපේපා
සිතන සිතිවිලි තුළින් හැමගෙම ගුණ සුවඳ හද තුළ පිරේවා
යනෙන හැම තැන ජය ලබන්නට ගතට සුව පහසුව ලැබේවා
ඉදිරි නව වසරෙදි අපගේ ඉදිරි ගමනට ජයම වේවා

ඉරිසියාව ද පිටු දකින්නට වෛරය ද යටපත් කරන්නට
සැලසුමක් ඇති වැඩ කරන්නට සිතට ශක්තිය ලබා දෙන්නට
කවුරු කවුරුත් එකට එක් වී සියලු බාධක ජය ලබන්නට
සිනහවෙන් යුතු මුහුණු දකිමින් යුතුව හැමදින වැඩ කරන්නට

පිරිසුදුව ඇති බව දමන්නම් චේතනා හදවතට ගන්නේ
කරන කියනා සියලු දේ නිසි පරිදිමයි ඉටු කරන්නේ
බොරුව කරපින්නගෙන සිටියොත් මිනිස්කම ඇද වැටෙන්නේ
මිනිසුනේ අප මොළය පාදාගෙනයි හැම කරුණම කරන්නේ

ඇත්ත සඟවා නැත්ත පෙන්වා ජය ලබන්නට නොහැකි වන්නේ
මෙත්ත කරුණා ගුණය නැත්නම් කාට කාටත් දුක හිතෙන්නේ
ගත්ත හැම අඩියක්ම පෙරමුණ තබාගෙන කටයුතු කරන්නේ
තිත්ත නැති වැඩ තමයි කාටත් මුවට හොඳ සිනහව නගන්නේ

තිලොව ජයගත් බුදුරදුන්ටත් දෙව්දතුන් පෙරළුවානම් ගල්
දරමිටිය බඩ බැඳන් චිංචිල බුදුහිමිට පිදුවනම් වද මල්
නිඝණ්ඨයො ගරහන්ට තැබුවා දේහය ගොඩේ පර මල්
ඉතින් මිනිසුනි තෝර බේරා ගනිමු හොඳ මිනිසුන්ම හැම කල්


තණ්හාව

තණ්හා ආසාවන් හොඳ නැහැ සිතට
අටසිල් ගත යුතුයි ගත සරසා සුදට
තණ්හා ආසා පොදි බඳිනා සැමට
තණ්හාවත් සමඟ සෝකය එයි ළඟට


ඔලබොඩුව ජයවර්ධනාරාම පුරාණ මහා විහාරය 

පන්සලෙ පරිසරය කදිමට දැකුම් කළුයි
හඳවත පිරෙයි බලනා විට ලස්සනයි
පන්සලෙ වසන සමිඳුන් හරි පින්වන්තයි
ගමටම සෙත සදන පින්කෙත හරිම රුවයි

වෙල් යායක් ඇත පසු පස කදිම හැඩයි
සුදට සුදේ බැබළෙයි බුදු රැස් විහිදෙයි
බුදු සමිඳුගේ ගුණ සමරන බුදු පිරිසයි
බෝ සෙවණේ ඉන්න මට නම් හරි ආසයි

හිමි නමකට සුදුසු හසරැළි මවාගෙන
දායකකාරකාදීන් පිරිවරා ගෙන
හිමි ආ දුර ගමන ගැන නෙත් අයාගෙන
ආසිරි පතමු අප හද පින් පුරෝගෙන 

ඔළබොඩු පළාතට මහ කප් රුකක් වැනි
ධම්මික සමිඳු වැජඹෙයි මහ මෙරක් වැනි
සුමංගල දම් සෙවණ සුපිපිනු මලක් වැනි
මුළු සිරිලකට පායන පුන් සඳක් වැනී 

මේ ආරාමෙ වැඩ සිටිනා සමිඳුන්ට
මම ආසිරි පතමි දෙවියනි,රැක ගන්ට
සාසනෙ පැවැත්මට දිරිදෙන හිමියන්ට
දිගාසිරි පතමි හදපත් ලෙන්ම සිට

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 05 වන දා ඉරිදා පූර්ව භාග 06.07 ට ලබයි.
6 වන දා සඳුදා, පූර්ව භාග 03.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 05 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 12 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]